අලුත්කඩේ කොරෝනා හැදුනේ සිංහල පවුලකින් අපිට ජාති බේද නැහැ මව්ලවි කියයි!!!

කොළඹ අලුත්කඩේ පෙදෙසේ ජාබිර් මෞලවිතුමාගේ පණිවිඩයේ අදහස්

මේවන විට රොටීකඩේ වත්තේ සියලුම මුස්ලිම් වැසියන් පමණක් නීරෝදානය සදහා රැගෙන යනබව වැරදි තොරතුරක් සමාජගතවමින් තියෙනවා ඒක එසේ පතුරවන්න එපා.

බණ්ඩාරනායක මාවතේ කෝවිල ඉදිරිපිට ඇති රෝටීකඩේ වත්තේ නිවෙස් 46 කි. එයින් 5 සිංහල සහ 3ක් ද්‍රවිඩ සහෝදරයන්ගේ වන අතර ඉතිරි සියල්ල මුසලිම් අයගේ නිවෙස්වේ.

මෙයින් එක් සිංහල පවුලක මව, පියා සහ පුතා පෙබරවාරි මසසිට දඹදිව වන්දනාවේ නිරතවෙලා මාර්තු 12 නැවත පැමිනියා. ඒ වන විටත් ඉන්දියාවෙන් පැමිනෙණ අයට නීරෝදානය කිරීමකට උපදෙස් නොතිබූ අතර ඒනිසාම ඔවුන් කිසිදු පරීක්ෂණයක් නැතිව ගෙදරට ආවා.

පැම්නීමෙන් පසු ඔවුනට විශේෂයෙන් එම මවට උණ ගතියක් තිබුනත් ඒපිලිබද කිසි දැනුම්දීමක් නොකර තොරතුරු සගවා සිටියා. පසුව පොලියෙන් තොරතුරු සොයා ආ අවස්ථාවාදීත් උණ වැනි ලක්ෂණ පිලිබද තොරතුරු වසංකරලා තියෙනවා.

අප්‍රෙල් 15දින වන විට දැඩිලෙස අසාද්‍යවීම හේතුවෙන් එම පුතුන්විසින් IDH රෝහලට ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව රෝහලෙන් ඔවුන් පරීක්ෂාකිරිමේදී 16 දින ඔවුන් කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීමෙන් අනතුරුව 17වන දින අසල්වැසි නිවෙසියන් 12ක් පරීක්ෂාකිරිමේදී එයින් 6ක් එනම් අසල්වැසි මුස්ලිම් සහ සිංහල අය 3දෙනා බැගින් ආසාදිතයින් බව තහවුරු වුනා.
ඉන්පසු එම වත්ත හුදෙකලා කරලා PHl ලා වත්තේඅයව පරීක්ෂා කිරීමේදී කිසිදු රෝග ලක්ෂණ නැති තවත් 12දෙනෙක් හමු උනා. මාධ්‍ය මුලදී කිසිදු ආවරණයක් නොකර පසු දිනයන්හි ආවරණය කිරීමෙන් මුස්ලිම් වැසියන් ගැන පමණක් වාර්තාවීමක් සිදූනා.

මේ තත්වය නිසා 19 දින එම වත්තේ නිවෙස් 46 ටම අයත් සියලුදෙනා නිරෝදායනය සදහා රුගෙන යාම පටන් ගත්තා. නිවෙස් 46න් 38ක්ම මුස්ලිම් අයගේ නිවාස නිසා බස්‍ රථ රාශියක බහුතරය මුස්ලිම් වැසියන් ලෙස පෙනුන මිස එය මුස්ලිම් වරුන් පමණක් සැලසුම් සහගත ලෙස රැගෙන යන බව කීම වැරදි වාර්තාකිරීම්කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *