මාතර සිසු ගැටුම සමාජ මාධ්‍ය ඇසින් // නැසෙන්න නොව හැදෙන්න

මාතර පුරවරය මෙරට ජන සමාජයේ මහත් අභිමානයට

ra

මාතර යනු බුද්ධිමතුන්ගේ පුරයක් ලෙසින් ඉතිහාසයේ සිට ප්‍රකටව ඇත සිංහල භාෂාවේ මහා පඩි රුවනක් ලෙසින් ප්‍රකට කුමාරතුංග මුනිදාස ශුරීන් වැනි ශේෂ්ඨ පුරවැසියන් දැයට දායාද කල මාතර පුරවරය මෙරට ජන සමාජයේ මහත් අභිමානයට ලක්වූ පුරයකි. වර්තමාන ජන සමාජයේ කොතැනක හෝ සිදුවූ වරදකින් පාසල් ළමුන් මහා මග මරාගැනීම තුළින් ගමකට ප්‍රදේශයකට අවමන් කිරීම එතරම් උචිත නොවෙති.

එහෙත් උතුර දකුණ ඇතුළු සිව් කොණේ ජනතාව ඊයේ මාතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහත් සංවේගයෙන් කථා කරති. පෑන පැන්සල අත දරණ මේ දරුවන් දිවි තොරකරණ මෙවලම් භාවිතා කර තවත් සමකාලීන යෙකු මරා දැමීමට තරම් අපේ පාසල් දරුවන්ට හයිය ලැබුණේ කෙසේද ?? දරුවන් මල්වැනි යයි සමාජයම දන්නා කාරණයකි ඒ දරුවන් නව යොවුන්විය සමරන්නේ මිනිසුන් නසන අවි ආයුධ අත දරානම් වැරදුනේ මාතර පමණක් නොව සමස්ථ රට බව කිව යුතුය.

අද රටපුරා ස්‌කුටි බයිසිකල් රැල්ලකි හරියට ඉනට හිරවෙන්න කලිසමක් ඇදගත නොහැකි කොළු ගැටයන් බයිසිකලයේ නැග දමන සෙල්ලම් හැම ගමකම රැල්ලක් වී ඇත.එය මාතරට පමණක් සීමා නොවූවකි. සමස්ථ රටේම උපකාරක පන්ති අසල මෙවන් දර්ශන අනන්තවත් දැකිය හැක. cctv දර්ශන එම ස්ථානයේ තිබු නිසා රටටම එය සංවේදී දර්ශනය විය. හවසට පන්ති අවසන් වීමෙන් පසු රටේ දරුවන් උපකාරක පන්ති අවසානයේ ගමන් කරන ස්ථාන සම්බන්ධයෙන් රට පුරා cctv ස්ථාන ගත කිරීම හැකිනම් දරුවන්ගේ තරම රටටම දැනගැනීමට හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *