රහස් පොලීසිය පාතාලයේ රාජකාරිය කරනවා අපි බලයට එනවා ඔය කැත වැඩ කරන අයට පියවර ගන්නවා

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි මාතෘ භූමිය කොල්ල කන අයට අනාගතයේ දඩුවම් ලැබෙනවා දැන් රහස් පොලීසියත් පාතාලයක් වෙලා. ඒ නිලධාරීන්ට අපි මතක් කරලා දෙන්න ඕනේ හිතන් ඉන්න එපා හැමදාම ඔවා කරලා පම්පොරි ගහලා පුරසාරම් දොඩලා කැපී පෙන්න පුළුවන් කියලා අපිත් නැවත බලයට එනවා. එදාට ඔය රහස් පොලීසියේ කැතවැඩ කරන මිනිස්සුන්ට විරුද්ධව අපි ගන්න ඕනේ පියවර ගන්නවා. අසේල සම්පත් පැහැරගෙන ගියේ කොහොමද? ගෙදර ඉන්න මිනිහෙක් බිරිඳයි දූලා එක්ක ගෙදර ඉන්නවා. ගිහිල්ලා හරියට ප්‍රභාකරන් අල්ලන් එනවා වගේ 20 ක් විතර රෑ ගෙදරට පැණලා ඒ මිනිහාගේ ඇගේ ෂර්ට් එකක්වත් නැතුව පහර දිදි ඇදගෙන එනවා. ඉතාම අසික්කිතයි ඉතාම අෂිෂ්ඨයි. මේවාගේ ඒවා කරන නිලධාරීන්ට අනිවාර්යෙන්ම අපි අනාගතයේදී අවශ්‍ය පියවර ගන්නවා. අපේ මාතෘභූමිය කොල්කන්න බලාගෙන ඉන්න විදේශිකයන්ට වේවා. මේ රටේ ව්‍යාපාරිකයන්ට වේවා. මාතෘ භූමිය කොල්ලකෑවොත් අපි ඒ ගොල්ලන්ට විරුද්දව ගන්න ඕනේ පියවර අනිවාර්යෙන් අනාගතයේදී ගන්නවා. ඔය කොල්ලකන දේපොළ අපි නැවතත් රජයට ලබාගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *