කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි !!

ෆොන්සේකාට,ඒ.එච්.එම්. ෆවුසි, පියසේනට,රංගෙට ඇමතිදූර නැහැ

කැබිනට් මණ්ඩලයේ සංයුතිය තීරණය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවකට පැමිණෙන තෙක් නව කැබිනට් ඇමැතිවරු දිවුරුම් දීම දින කිහිපයක් ප්‍රමාද විය. කැබිනට් මණ්ඩලය සඳහා සාමාජිකයන් 36 දෙනෙක්ගේ නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කලින් යෝජනා කර තිබූ අතර එය සාමාජිකයන් 30 සීමාව නොඉක්මවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් දැනුම් දී ඇති බවද දැනගැනීමට තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩාය‍ෙම් සාකච්ඡාවක් ඊයේ (19) රාත්‍රී 7ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එම සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ යෝජනා ද සමඟ අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රී 8ට ජනාධිපතිවරයා හමුවිය. එම සාකච්ඡාවේ දී තීරණය වූ පරිදි සරත් ෆොන්සේකා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ සහ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරුන්ට ඇමැතිධුර ලබා නොදීමට තීරණය වූ බවද වාර්ථාවේ.

මේ අතර ඊයේ සවස 5.30ට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී නව කැබිනට් මණ්ඩලය උපරිම 30 සීමාවට යටත්විය යුතු බවත් එම ප්‍රමාණයට වඩා කැබිනට් මණ්ඩලය වැඩිකරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවත් සාකච්ඡා කෙරුණු බව දැනගන්නට තිබේ.
ඒ අනුව අද දිනයේ දී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පමණක් නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.මේ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිසිවකු කැබිනට් ඇමැතිවරු ලෙස අද දිවුරුම් නොදෙනු ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හැරුනුවිට තවත් මන්ත්‍රීවරුන් 28ක් පමණක් දිවුරුම් දෙනු ඇත.නව අමාත්‍ය මණ්ඩලය යටතේ මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායකට මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පිකර රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද හිමිවනු ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *