බටපොල ව්‍යාපාරිකයාගේ ලක්ෂ 22 මහ දවල් පැහැරගෙන

මුදල් තොගය ද රැගෙන ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී

දහංගැටයක් ගසා දංකැටියේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 22 ක් කොල්ල කා පලා ගිය කොල්ල කරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් ගම් නගර පීරයි.

ගාල්ල බටපොල දංකැටිය ප්‍රදේශයේ දී අද දින (22) දහවල් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 22 ක් කොල්ල කා ඇති බව පොලිසිය කියයි.ගාල්ල බටපොල නගරයේ මෝටර් රථ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු නිවසේ සිට මෙම මුදල් තොගය ද රැගෙන ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී නිවස ආසන්නයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගය හරස් කර ගිනි අවියක් පෙන්වා මුදල් බෑගය කොල්ල කා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.කොල්ලකරුවන් අත්අඩංගුවට  ගැනීම සඳහා බටපොල පොලිසිය පරික්ෂණ  පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *