පොහොට්ටු එජාප ඒකාබද්ධ ආණ්ඩුවක කථා කරන සාක්ෂි !!

පොහොට්ටු එජාප ඒකාබද්ධ ආණ්ඩුවක පෙරනිමිති පහළ වෙයි ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවන බවත් 3/2 බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බවත් මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මැතිවරණ වේදිකාවල සදහන් කර ඇත

මෙම අදහස මුලින්ම සදහන් කලේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වන අතර ඉන්පසු ආණ්ඩුවට සහ දැක්විය යුතු බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා සදහන් කරන ලදී මීට දින කිහිපයකට ඉහත කුරුණෑගල මැතිවරණ වේදිකාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිටින අවස්ථාවක හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතාද සදහන් කලේ රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවක් සැදීමට සුදානම් බවයි මෙවැනිම ආකාරයෙන් මැතිවරණයෙන් පසුව ආණ්ඩුවට සහය දෙන බවට එජාප නියෝජිතයන් කිහිප දෙනෙකුම දදහන් කරණ ලදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට දින කිහිපයකට පෙරත් අද දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය මහින්ද යාපා මහතාද එම අදහස පලකරන ලදී

එස් .බී දිසානායක මහතාද කියා සිටියේ මෙවැනි කතාවකි එනම් රනිල් වික්‍රමසිංහ මහතා හොද ආර්ථික දැක්මක් සහිත නායකයෙකු බවත් ඔහුගේ අද්දැකීම් මෙරට ආර්ථිකය ගොඩනැගීමට වැදගත් බවත් සජිත් ප්‍රේමදාස මහතා වෙත දැඩි වාග් ප්‍රහාරයක් එම අවස්ථාවන් වලදී එල්ල කිරීමටත් එස් .බී දිසානායක මහතා අමතක නොඅකරන ලදී

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය මේ සම්බ්වන්ධයෙන් දක්වන්නේ මෙවැනි එදා රුවන් වැලිය පුජා භූමියෙදී ජනපති දිවුරුම් දෙන ස්ථානයට ගියේ පක්ෂය පවා දෙන කණ්ඩායමේ කොටස බවත් ජනතා හූ හඩ මැද ඔවුන්ට එම ස්ථානයට ඇතුළු වීමට සිදුවූ බවත් ජනතාවගේ සහ පාක්ෂිකයාගේ පැත්තේ ඉන්නේ සමගි ජන බලවේගය බවත් සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *