අගමැති සහ ආණ්ඩුවට එරෙහි විශ්වාශ බංගය සම්මත වුණා

එජාපය මාධ්‍ය හමුවේදී සදහන් කරයි

අද දිනයේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මැද දැඩි පොලිස් ආරක්ෂාව මැද සෙංකෝලය සමග කථානායක වරයා පැමිණි අතර අගමැති මහින්ද රාජපක්ෂට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් සම්මත කරගත් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරැුන්ගේ දැඩි ප‍්‍රහාරය නිසා කතානායකවරයා පොලිස් බල ඇණිය සමග සෙංකෝලයක් සමඟ පිටත් විය. මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිදු සිදුවීමකට එක් නොවුණු අතර ඊයේ දිනයේ මෙන් ආණ්ඩු පක්ෂයේ ඉන්දික අනුරුද්ධ ප්‍රසන්න රණවීර සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් උද්ඝෝෂණයේදී කැපී පෙනෙන චරිත විය

අද දිනයේ පාර්ලිමේන්තුව ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසු එය කල් දැමීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔවුන් මේ බව කීහ.කෙසේ වෙතත් කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ සිය ආසනයේ අසුන් ගැනීමක් හෝ සෙංකෝලය නිසි පරිදි තැන්පත් කිරීමක් සිදු නොවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *