ක්‍රිකට් කලාව ද?? පච්ච කලාව ද??

මෙම ලිපිය තරගයක හෝ තරගාවලියක ජයග්‍රහණය ගැන හෝ පරාජය ගැන කථා කරන්නට මාතෘකා නැතිව ගත් මගක් නොවන අතර හුදෙක් දේශීයත්වය අගයන මිනිසුන්ට සිතන්නට යමක් ලබාදීම සදහාය ශ්‍රී ලංකා ක්‍රිකට් විණය සහ පච්ච කලාවේ අනාගතය ශ්‍රී ලංකාව පරදින වරදින තැන කොතනද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉතිහාසය පුරාම පරාජයට හේතු සපයන ලදී

මේ සියලු හේතු මීලග තරගයේදී නිවැරදි වන බව නායකයා සහ කණ්ඩායම පුනපුනා කියයි ඇත්තටම අපි ක්‍රිකට් වලින් මෙතරම් පල්ලමට වැටෙන්නේ කොහොමද හේතුව කණ්ඩායම සහ විනය බව ඉතිහාසය පුරාම සාක්ෂි දරා ඇත වරක් 1993 දී ඉන්දියාවට එරෙහිව පවතී තරගාවලිය අන්ත පරාජයකට පත්වන ලදී එහිදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වුයේ සිය බිරින්දෑ වරුන් සමග සංචාරය කිරීම නිසා ක්‍රිකට් වලට වඩා පුද්ගලික කරනා සදහා සිත යොමු කිරීම බවට චෝදනා එල්ල වන ලදී එදා කණ්ඩායමේ නායකයා අර්ජුනය පසුව පවතී සංචාර සදහා බිරින්දෑවරුන් රැගෙන යාමේදී කිසියම් නීතියකට යටත් කරගැනීමත් තරගාවලිය සදහා මුල්තැන දීමත් සිදු කිරීමට කණ්ඩායම් එකග වන ලදී

එදා කණ්ඩායමක් ලෙස අපේ ක්‍රීඩකයන් සිදුකල කැපකිරීමේ අවසන් ප්‍රථිපලය 1996 දී ලබාගත් අග්‍රපලය වන ලදී.තවත් උදාහරණ රැසක් පෙන්වා දීමට තිබුණද අදාල මාතෘකාව සදහා පිවිසීම වෙනුවෙන් ඒ සියල්ල කිටියෙන් සදහන් කරමි. එදා කණ්ඩායම දක්ෂතා පමණක් නොව විනයද ඉහල මට්ටමක පවත්වා ගැනීමට හැකිවන ලදී ඉන්පසු මෙරට ක්‍රීඩාවට විවිධ විලාසිතා පැමිණියද ක්‍රීඩකයන් එතරම් නැඹුරුවක් නොදක්වන ලදී එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු ඒ වෙනුවෙන් කටයුතු කලද සමස්ථ කණ්ඩායම් තුල එවැන්නක් සිදු නොවන ලදී මාවන් අතපත්තු කිසිදිනක අවු කණ්නාඩි නොපලදින ලදී විශේෂයෙන් කණ්ඩායමේ නායකයා හොද විනයක් පෙන්වීම වැදගත්ය සනත් ,මහේල සංගා මෙම විනය ඉහලින්ම පවත්වාගෙන යන ලදී

ඉන්පසු නායකත්වයට පැමිණි ඩිල්ෂාන් විවිධ විලාසිතා භාවිතා කරන ලදී මාලිංග ද ක්විවිධ විලාසිතා මවන ලදී එහෙත් ඔවුන් යමක් කණ්ඩායම වෙනුවෙන් ඉටුකරන ලදී අනෙක් ක්‍රීඩකයන් කෙසේ හෝ ඇද බැද තබාගැනීමට සමත්වන ලදී අවසාන වශයෙන් මෙරට කණ්ඩායමේ නායකත්වයට පැමිණි මැතිව්ස් ,තරංග ,චන්දිමාල් සහ දිමුත්ට එය කිරීමට නොහැකිවීම කණ්ඩායමේ විණය හරිතැන පවත්වා ගැනීමට නොහැකි වන ලදී විවිධ හේතු කරනා රැසක් ඒ වටා ගොඩ නැගෙන ලදී වරක් දකුණු අප්‍රිකාවේ පැවති ටෙස් තරගයක් අවසානයේ බියර් බොන දර්ශන මාධ්‍ය තුල පලවන ලදී තවත් වරක සමාජ ශාලා තුල ක්‍රීඩකයන් සිටි බවට වාර්තා වන ලදී.

ක්‍රීඩකයන් අතින් මහ මග අනතුරු බහුල වන තැනකට ගොස් ඇත මේ සියල්ල කණ්ඩායමේ විනය සම්බන්ධ ගැටලුවකි මෙරට ක්‍රිකට් බලධාරීන්ට විසදිය නොහැකි තැනක මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විනය අද වැටී ඇත අද අලුත්ම කල පච්ච කලාව බවට පත්ව ඇත ලෝකයේ විවිධ රටවල විවිධ ක්‍රීඩකයන් මෙම කලාව භාවිතා කිරීම දක්නට ඇත වර්තමානයේ අපේ කණ්ඩායමේ නායකයාගේ සිට ක්‍රීඩකයන් කීදෙනෙක් මෙම පච්ච ගසා තිබේද බැලූ බැල්මට මෙය වරදක් නොවෙති එහෙත් අපේ රටේ අනන්‍යතාවය ලෝකයට ගෙනයන ක්‍රිකට් ක්‍රීඩාවේ කිසියම් ප්‍රමිතියක් තිබිය යුතුමය වහා ක්‍රිකට් බලධාරීන් මැදිහත්ව මෙය සමනය කල යුතුමය

පච්චය කලාවකි ඒගැන විවාදයක් නොමැත එහා භාවිතා කිරීම පුද්ගලික කාරණයකි එහෙත් රට නියෝජනය කරන කණඩායමක නායකයාගේ සිට පච්ච ගැසීම අනුමත කල හැකිද පච්චය යනු එදා අතීතයේ ගමේ චන්ඩියාගේ සලකුණකි අද එය අතොරක් නැතිව රටේ බහුතරය ගසා ගැනීම කලාවක් බවට පත්වීම වෙනම කථා කල යුතුය එහෙත් ක්‍රිකට් කණ්ඩායම පච්ච කලාවෙන් වැසී යාම නතර කලයුතු නොවේද මේ තත්වය මෙරට ජනතාව අනුමත නොකරන අතර කණ්ඩායමේ විනය ගැන සිතා මෙම පච්ච කලාව සදහා නීතියක් ගෙන ඒම කාලෝචිත නොවේද??

අපේ රටේ ක්‍රිකට් කණඩායම විදෙස් සංචාර සදහා පිටත්ව යන විට මහා සංගරත්නයේ ආශිර්වාදය ලබාගන්නා අතර අවසානයේ ඔවුන්ගේ අත්වල පිරිත් නූල් ගැටගැසීමක් සිදුකරයි අද සිදුව ඇත්තේ මහා සංගරත්නයට පච්චා පිරුණු දෑත් වල පිරිත්නුල් ගැට ගැසීමය. එදා පච්චා ගහපු මිනිහෙකුගේ අතේ පිරිත් නූලක් ගැට නොගැසූ මහා සංගරත්නයට අද රටේ සමස්ථ මාධ්‍ය ඉදිරියේ පච්චා ගැසූ කණ්ඩායමක පිරිත් නූල් ගැට ගැසීමට සිදුවීම අවාසනාවකි.රටක ජාතියක සමාජයක විනයක් ගැන අපි තලු මරමින් කථා කරති ලෝකයට අපිව පෙන්වන ජාතික කණ්ඩායම පච්චා කරුවන් වීම ගැන නොපෙනීම ගැන නැවත සිතය යුතු නොවේද??

Sri Lanka Cricket

Leave a Reply

Your email address will not be published. Required fields are marked *