දෙහිවලින් මතු වූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 333 ක්

 මෙතෙක් අත්අඩංගුවට පත් සිවුවැනියට වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් ප්‍රමාණය

දෙහිවල, කවුඩාන පාරේ නිවෙසක දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය ඇතිව අත්අඩංගුවට පත් වූ හෙරොයින් තොගය මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ සිවුවැනියට වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් ප්‍රමාණය බවට වාර්තාවෙයි එහි වටිනාකම රුපියල් මිලියන 3336ක් වෙයි. හෙරොයින් කිලෝ ග්‍රැම් 278ක පමණ තොගයක් සහ මිලියන 75ක් වටිනා කොකේන් කිලෝ 5ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බංග්ලාදේශ ජාතිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය‍. මෙරට රදීසිටිමින් සිඋකරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට වාර්තා වෙයි .පොලිසියට ලැබුණ තොරතුරක් මත කළ මෙහෙයුමකට අනුව මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනුණි. මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සහාය මත මෙම හෙරොයින් තොගය මෙරටට ගෙනවිත්, මෙම විදේශිකයන් සතුව තබා තිබිය දී මෙසේ අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

විදේශ මත්ද්‍රව්‍යකරුවන් විසින් දෙහිවල පිහිටි මෙම නිවස කුලියට ලබාගෙන රටපුරාම මත්ද්‍රව්‍ය බෙදාදීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 278ක් සොයාගෙන තිබෙන අතර එහි වටිනාකම රුපියල් මිලියන 3336ක් වෙනවා. ඊට අමතරව කොකේන් කිලෝ 5ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 75ක් වෙනවා.

මෙම දෙමහල් නිවසේ සිට සියලුම මත්ද්‍රව්‍ය කිරුම් මිනුම් කටයුතු සිදුකර තිබෙන අතර, කල් ඉකුත් වූ හෙරොයින් ප්‍රති නිෂ්පාදනයටද කටයුතු කර තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය කුඩා කේක් පෙට්ටිවල බහා විශාල බහලුම්වල දමා තිබියදී තමයි පොලිසිය සොයාගෙන තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *