ටොන් 17ක කාල තුවක්කුව සහ මැණික් පුටුව සෑදූ විශ්මිත මිනිසා

බර ටොන් 17 ක ශෛලමය  කාලතුවක්කුව හා මැණික් පුටුව සකස් කරන ගල් වඩුපර පුරේ වඩුවකු නොවු විශ්මිත භාවානා බලයෙන් කළු ගල්වලින් සිදු නිපැයුම් කරන ඔහු දැක්ෂයෙකි. ගොරහැඩි කළු ගලට රළු වු කළු ගලට කලාව,සාහිත්‍ය, කරුණාව සතපවන්නට මොහුට හැකියාව තිබේ. ඒ අපේ රටේ හෙළ ඉතිහාසයේ ගල්වුඩුවා නම් වු කලා කරුවන්ගේ අභිමානය අපට මතක් කරවමිනි.බත්දුන්ගම බද්දේමේ සිටින අපේ කාලයේ මිනිසා සැබෑ වු දක්ෂයෙකි.බුදු දහමින් මොහුට ලැබුණු බැව කියන අමුතුම විශ්ව ශක්තිය තුළින්  මෙම නිපැයුම් සකස් කරන්නට ඔහු සමත්ව ඇත.

අපේ තුවක්කු ඉහලම කාල තුවක්කූ ගීතය අප අසා ඇත. මේ අප කතා කරන්නට යන්නේ තවත් එක් කාලතුවක්කුවක් පිළිබඳවයි.මැණික් පිටුවකට අරගල කර ගත් ඉතිහාසයේ කතාන්දරය මතකයට එක් වෙද්දි මැණික් පුටුවක් සකස් කරන්නට ද අපේ ගල් වඩුවා මේ වන විටත් සැලසුම් සකස් කර අවසන්ය. සක් දේවියාගේ ආසනය ද  දඩු මොනරයට ද යළිත් ගලින්ම සකස් කරන්නට අපේ කාලයේ මේ කලාකරුවාගේ අරමුණයි.

ගාල්ල බද්දේගම වවුලාගල පදිංචි සුනිල් ජයසිංහ මහතා තනි කළුගලින් නියම ප්‍රමාණයෙන්ම කාල තුවක්කුවක් නිර්මාණය කර ඇති මේ තුවක්කුව අගනේ ය. මෙම කාල තුවක්කුව නිර්මාණය කිරීම සඳහා දැනට 57 වියේ පසුවන සුනිල් ජයසිංහ මහතාට අවුරුදු දෙකයි මාස නවයක් ගතවී තිබේ. ඉතා දුරබැහැර ප්‍රදේශවලින් විශාල ගල් වාහනවල පටවාගෙන ගෙනවිත් මෙම සුවිශේෂී නිර්මාණය කර ඇත.තමා කිසිදිනෙක ගල් වඩුවකු ලෙස නිර්මාණ නොකළ බවත්, කොළඹ නිදහස් චතුරශ්‍රයේ ගෝල් ෆේස්වල ඇති කාලතුවක්කු හොඳින් අධ්‍යයනය කර මෙම ශෛලමය නිර්මාණය කළ බවත් සුනිල් ජයසිංහ මහතා පවසයි.පුරාණයේ ගල් වඩුවා භාවිතා කළ යකඩ උල් මෙන්ම නවීන උපකරණද මෙම අගනා නිර්මාණයට යොදාගත් බව ජයසිංහ මහතා කියයි.ඒ සියල්ලම මම විසින්ම මගේ දැනුම මත විශ්ව ශක්තිය තුළින් ලද මඟ පෙන්වීම මත සිදු කළා හෙතෙම අප සමඟ කීය.

මෙම ගල් කාලතුවක්කුව සෑදීමේ දී තම පුතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ සහයෝගය ජයසිංහ මහතා සිහිපත් කළේය.මෙම නිර්මාණය ඉහළ මිලකට මිල කරන බවත් ඒ මුදලින් කොටසක් යොදවා තමන්ගේ ඊළඟ නිර්මාණය වන මැණික් පුටුව නිර්මාණ කරන බවත් ජයසිංහ මහතා පවසයි.මෙම පළිඟු හා මැණික් පුටුව ද පළිඟු හා මැණික් ගලින්ම සකස් කරන්න අතර එහි බරද ටොන් 17  හෝ ඊට වඩා වැඩිවිය හැකිය යන්න ඔහුගේ විව්සායයි. මේ සියලුම හෙතෙම සිදු කරන්නේ තමාට නොපෙනී උපදෙස් ලබාදෙන ගුරුවරයෙක් බව හෙතෙම කියයි.

කිසියම් රටක සංස්කෘතික උරුමයේ වැදගත්ම අංගයක් ලෙස කලා මාධ්‍යයන් හඳුන්වා දිය හැක.ගල් කැටයම් ද මෙහි දී වැදගත් වනු ඇත. සම්ප්‍රදායික කලා මාධ්‍යයන් කිසියම් සමාජයක ආධ්‍යාත්මය පිළිඹිබු කරන කැටපතක් ලෙස අගය කල හැකිය. කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නොව ඔවුන්ගේකලා රසඥතාවන්,විද්‍යාත්මක හා තාක්ෂණික ඥානයන් එසේම ශිල්පීය කුසලතාවන් සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ගෙන් මනාව නිරූපණය කෙ‍රේ.අපේ කතාන්දරයේ කතා නායක වන සුනිල් ජයසිංහ  ගල් වඩුවාගේ අප්‍රතිහත ධෛර්ය,හැකියාව,නිර්මාණ ශීලිත්වය මනාව පිළිඹිබු කිරීම හා ඔහුටම ආවේණික වූ නිර්මාණ හැකියාවක් මේ කලා කරුවා සතුව පවති.

කාලතුවක්කු ගැන කතා කිරීමේ දී කාලතුවක්කුව කියන නම එන්නට පෙර සිටම මිනිසාට අවශ්‍ය වුනා යුද්ධ කටයුතුවලදී දුර තිබෙන ඉලක්කයකට බර ද්‍රව්‍යයකින් දමා ගසන්නටය. එහි ප්‍රාථමික අවධි යේ දී අතට ගලක් ගෙන දමා ගැසීම සිදු කරනු ලැබීය.එය ආදී මානවයන් විසින් පවා කර තිබෙන බවට සාක්ෂි ඇත.ඉන් පසුව,පසු කාලය වනවිට බුද්ධිමත් මිනිසා තම බුද්ධිය යොදවා මෙලෙස බර දෙයක් දමා ගසන්නට හැකි උපකරණ හදන්නට පියවර ගනු ලැබීය. ඒ තමයි කැටපෝලය.

කැටපෝලයත් ප්‍රාථමික කාලතුවක්කුවකි.ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට කියන්නේ ස්ලින්ග්ෂොට් slingshot යනුවෙන් හැදුනා ගත හැකිය.මෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈතට දිව යයි.පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරයන්හි,යාන්ත්‍රික උපක්‍රමයකින් (වෙඩි බෙහෙත් පාවිච්චියෙන් තොරව) ඊතල සහ ගල් වැනි දෑ ඈතට විදිය හැකි උපකරණ තිබුණු බව ඉතිහාස පොත්වල සඳහන් වේ.

ලෝකයේ  කලාව ඵෙතිහාසිකව මූර්ති,ගුහා චිත‍්‍ර,ගල් පර්වතයන්හි ඇඳි සිතුවම්, දළ වශයෙන් වසර 40000 කට පෙර පැලියෝලිතික යුගයට අයත්වන පාෂාණමය මෙවලම් දක්වා දිව යයි.

සත්තකන්ම දකුණු අපි‍්‍රකාවේ ගුහාවකින් සොයා ගන්නා ලද වසර 75000 ක් පමණ පැරණි ඉතා කුඩා ගොලූබෙලි කටු සමූහය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම කලාත්මක නිර්මාණයන් ලෙස සැලකේ.ශ්‍රේෂ්ඨ කලා සම්ප‍්‍රදායන් ඊජිප්තුව,මෙසපොටේමියාව,පර්සියාව,ඉන්දියාව,චීනය,ගී‍්‍රසිය,අරාබිය වැනි අතීත ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් ආශ‍්‍රිතව බිහිව ඇත. මේ සෑම ශිෂ්ඨාචාරයක්ම ඊට ආවේණික කලා සම්ප‍්‍රදායකට හිමිකම් කියයි. මෙම ශිෂ්ඨාචාරයන්ගේ ප‍්‍රමාණාත්මකබව සහ ඒවා දීර්ඝ කාලායක් පැවතීම හේතුකොටගෙන ඒවායේ කලාකෘතීන් ආරක්‍ෂාවී ඇති අතර ඒවා අනෙකුත් සංස්කෘතීන් වෙත මෙන්ම වෙනත් කාලයන් කරාද බලපෑම් සහගත වී ඇත. කලාකරුවන් කටයුතු කළේ කෙසේද අපට සොයා දැනගත හැකිය.එය ශිෂ්ඨාචාරයන් තුලින් දැනගත හැකිය.බද්දේගම සුනිල් ජයසිංහ මහතාගේ මෙම නිපැයුම් වල  ශක්තිය, තැන්පත්කම, සුන්දරත්වය දැකිය හැකිය.

බද්දේගම සුනිල් ජයසිංහ මහතාගේ නිපැයුම් පිළිබඳව සලකා බලද්දී අප මතකයට එන්නේ. ලංකාවේ,කාලතුවක්කු හමුදාව බිහිවුනේ අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිද්දීයි. එනම් ක්‍රි.ව. 1888 අප්‍රේල් මස 12 වැනි දින දී,පළමුවැනි ලෝක යුද සමයට අදාළවයි. එය බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු හමුදාවට අයත් ස්වේච්ඡා කාලතුවක්කු බතරොයියක් ලෙස පිහිටවූ අතර,ලංකා ස්වේච්ඡා කාලතුවක්කු හමුදාව ලෙස නම් කරනු ලැබීය.

ඔවුන් නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාවක් ලෙස සේවය කළහ.1918 දී  ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු හමුදාව පිහිටවනු ලැබීය.මේ ආකාරයට වර්ධනය වූ කාලතුවක්කු හමුදාව 1949 අංක 17 දරන යුද හමුදා පනතින් නිදහස් ලංකාවේ යුද හමුදාව යටතේ ලංකා කාලතුවක්කු හමුදාව නමින් පිහිටවනු ලැබීය.1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහිවීමෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව යනුවෙන් නම් කළේය. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ ලාභී රෙජිමේන්තුවක් වශයෙන් දැනට පවත්වාගෙන යනු ලැබේ.

57 වියේ පසුවන සුනිල් ජයසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

මෙම ශෛලමය කාලතුවක්කුව ටොන් 17 ක් බරයි.බදේ පළල අඩි 06 යි. බඳ ප්‍රදේශයේ මැද අඩි අටයි අගල් නවයක් පමණ වෙනවා. උස අඩි 11 ක් පමණ වෙනවා.අගල් 29ක් පමණ වට ප්‍රමාණයෙන් යුතු කළු ගලින්ම සකස් කරන ලද රෝද දෙකක් මෙයට සවිකර තියනවා.කළුගලින්ම සකස් කළ දැම්වැලක් ද ආදිකොට ඇති අංග සම්පුරණ කාල තුවක්කුව මම සකස් කර තිබෙන්නේ ඉතාම පියකරු ආකාරයටයි.

මෙයට අමතරව මෙහි නිමාව ද ඉතාම ඉහළ තත්ත්වයට පත් කර තිබෙනවා. මෙය ගල්වලින් සකස්කර තිබෙනවා විතරක් නොවෙයි.මෙය වෙනත් කාලතුවක්කු මෙන් ඒ මේ අත ගෙනියන්න තල්ලුකර කරගෙන යන්න, උස් පහත් කරන්න.කරකවන්න නියමිත ඉලක්කය දක්වා පෙළ ගස්වන්නට හැකි පරිදි ඉහළට පහළට කාලතුවක්කුව ස්ථානගත කරන්නට, විවිධ දිසාවලට  වෙනස් කරනටද හැකියාවක් ඇතිවයි මෙය සකස් කර තිබෙන්නේ. කොටින්ම කියනවා නම් මෙහි ලෝහවලින් සකස් කළ වෙනත් කාලතුවක්කුවකින් කළහැකි සියල්ලම මේ කාලතුවක්කුව මගින්ද කළ හැකියි.

මගේ බිරිද 2011 දි මිය ගියා.ඇය මිය යන බව මම ඇයට කීවා මිය යන්නට දින කිහිපයකට පෙර ඇය මිය යන් ආකාරය ද ඇය මිය යන්නේ කොතන ද ? නිවසේ ද ? රෝහලේ ද ?  ආදි සියලුම තොරතුරු මා කිවා. කී ආකාරයටම ඒ සියල්ලම සිදු උනා.මේ පිළිබඳව මා බිරිද මිය යන්නට පෙරම ඥාතීහු දැනුවත් කළා.මම යමක් වෙන්න පෙර නිකමට වාගේ කිය වෙනවා.කියන්න හැකියි. මට පුතෙක් හා දුවෙක් ඉන්නවා.පුතා නාවික හමුදාවේ.දුව රැකියාවක් කරන්නේ නෑ.දුව විවාහකයි.දුවගේ මහත්තයා සේවය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ. මගේ අම්මා තාත්තා තවමත් ඡීවත්ව සිටිනවා. ඒ අයටත් මම සැලකමින් තමයි මේ කටයුතු සිදු කරන්නේ.

මේ සියලුම දේවල් මා මගේ ශක්තියෙන් සිදු කරන දේවල්, මම මස් මාංශ අනුභව කරන්නේ නෑ. ආගම දහම අනුව තමයි මේ කටයුතු කරන්නේ.වසර 10 ක පහලොවක කාලයක සිට මම නිවසේ බුදු මැදුරක් සකස් කර ආගමික වතාවක් සිදුකර බණ භාවනා කරනවා. මේ ආකාරයට මම භාවනා කරන විට තමයි මෙහෙම නිපැයුමක් කරන්න මට හිතට අවේ.මම එය සිදු කලා.දවල්ද රැය ද, පාන්දරද කියා මට වෙනසක් වෙහෙසක් නැතුව මේය සිදුකරන්න මට යම් ශක්තියක් තියනවා. මට යම් බලයක් තියනවා වාගේ දැනේනවා. මේ අපුරුම නිපැයුම සිදුකන්න මට ඒ විශ්ව ශක්තිය මට ලැබී තියනවා.හෙතෙම කියයි.

බුදු දහමට අනුව තමයි මේ සියල්ලම මා කරන්නේ ඔහු පවසයි. ඔහුට මේ සියලුම බලවේග හා ශක්තිය දැනුම ඉබේම මට ලැබුනා. එය ආගම නිසා මැට ලැබුනු දේවල් වලින් ටිකක් පමණ් මම කීවේ.තවත් විශාල හාස්කම් හා විවිධ දේවල් මට කරන්නට හැකියි.

අමුනුෂ්‍ය දෝෂ ඉවත් කන්න.යක්ෂ භූත දෝෂ නැති කරන්න ජනතාවට සහන ඇති කරන්න මන්තර බලයක් ද මට ලැබී තියනවා. විවිධ රෝග සුව කරන්නට ද මට හැකියාව තියනවා.ඒවා මම සිදුකන්නේ බෙහෙත් ලබා දී නොවෙයි. ශරිරය ස්පර්ෂ කර හෝ නොකර අතින් අල්ලා හෝ නැතිව සිදුකරන්න ප්‍රථිකාර කරන්නත් හැකිය. රෝගින් බලන්නේ නැතුව වුවත් ඒ යම් රෝගියකුගේ තොරතුරු අනුව යම් ප්‍රථිකාරයක් සිදු කරන්නටද හැකියාව තියනවා. මානසික රෝග,උමතු රෝග ද සුව කරන්නට හැකියි.

මේ කාලතුවක්කුව මිල කන්න බෑ. රුපියල් කෝටි ගණනකට සමහරු ඉල්ලා තිබෙනවා.මට මගේ යම් බලයකින් බුදුදහමේ ඇති යම් ආනුභාවයකින් මට මේ නිපැයුම් සිදුකරන්න හැකියාවක් ලබා දෙනවා. භාවනා කරන අපේ හිමිවරු කිහිප දෙනෙක්ද මට උපදෙස් අනුශාසනා ලබා දෙනවා.

මම ඊලඟට සැලසුම් කර තිබෙනවා පළිගු වලින් හා මැණික් වලින් පුටුවක් සකස් කරන්න. අඩි 06 ක් උස පුටුවක ආකෘතිය මට දැනටම මගේ නොපෙනී මට උපදෙස් ලබාදෙන ගුරු වරු පිරිස මට එය දැනුටමත් සකස් කර දී අවසන්. අන්න ඒ සැලසුමට අනුව තමයි මම එය සිදු කරන්නේ. පළිඟු මැණික් ආදිකොට ඇති දේවල් වලින් මම එය ලඟදීම ආරම්භ කරනවා. මුලික කටයුතු දැනටම සිදුකරලා තියනවා.

මෙය සකස් කර ජයසිරි මා බෝධීන් වහන්සේට පූජා කරනවා. ආගමික නායකයන්, රාජ්‍ය නායකයන් මුලිකත්වයෙන් මෙය ඉටු කරන්නට මම කටයුතු කරනවා.  මෙම පිටුව කොටස් හතරකට ගලවන්නට හැකි පරිදි සකස් කරනවා. බුදුන් වහන්සේ දහම් දේශනා කරන ආකාරට තමයි මෙය සකස් කරන්නේ ඒ කියන්නේ පලිඟු හා මැණික් වලින් මේ සියල්ලම සකස් කරනවා. වසර දෙක තුනකින් මට මෙය නිම කරන්නට හැකියි.

මම භාවනා කරන විට මට පේන්න එන්නේ නැති මාගේ අදුෂ්‍ය මාන ගුරුවරු මට උපදෙස් දෙන ආකාරයට මෙය සිදුකරනවා. නියමිත ආකාරයට ඇතුන්, අශ්වයන්, සකස් කරන්නට ද මට ඒ අය උපදෙස් ලබා දෙනවා. තවත් බොහෝ දේවල් සිදුකන්නට මට හැකියි. සක්‍ර දේයන්ගේ දිවය ආසනය මට මනසින් මවා ගෙන සකස් කරන්න ඒ අය උපදෙස් දෙනවා. දඩු මොනරය ද ඉදිරියේ  දී සකස් කරන්න කටයුතු කරනවා.

මම මේ කටයුතු සිදු කරන්නේ මේ නිපැයුම් සකස් කරන්නේ අපේ රටේ රට ආරක්ෂා කළ රජවරුන් හා අපේ රටේ ඉතිහාසයේ රටට ජාතියට,ආගමිට සේවය කළ රට ආරක්ෂා කළ උදාර උත්තමයන් ට කරන ගරුත්වයක් වශයෙන්. මට ඒ නිසා මේ ආගමික යම් ශාක්තියක් ලැබී තියනවා.ඒ ඇත්තන්ගේ ඇල්ම බැල්ම මඟ පෙන්වීම මට ලැබී තියනවා. ඒ තුලින් මම කටයුතු කරනවා.එම අධ්‍යමික ශක්තිය නිසා ඒ කටයුතු සිදු කළ හැකියි.ලෝකයේ පිරමිඩ තාක්ෂණය සිදුකරන්නට මහා දැනුවක් තිබුනා අන්න ඒ ආකාරයට යන්න ඒ තත්ත්වයට මේ නිපැයුම් මට රටට විතරක් නොවෙයි ලොවටම ගෙන යා හැකිව තිබෙනවා.ඒ ශක්තිය මා සතුව තිබෙනවා.

අපේ ගමේ සියලුම දෙනා කල් වඩුවන් ලෙස විවිධ වු කල් කැටයම් හා ගල් වංගෙඩි මිරිස් ගල් ආදි දේවල් සකස් කරන පිරිස්. ඒ අයටත් මේ කටයුතු සිදුකරන කොට ගමේ මේ අයටත් උපකාරයක් කරනවා නම් අපේ ගමේ පිරිසට ශක්තියක් වෙනවා.මම කළුගල් නිෂ්පාදන කරන කල් වඩුවෙක් නොවෙයි. මට ලැබුණු විශේෂ ශක්තියෙන් මේ සියල්ලම සිදුකරනවා.

ජනපති,අගමැති හා සමස්ත ආණ්ඩුවේ හා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහයෝගයක් අදාළ විෂය සම්බන්ධව තිබෙන ක්‍රියා කරන රාජ්‍ය ආයතනවල යම් සහයෝගයක් තියනවා නම් තවත් මේ දේවල් සිදුකරන්නට මට තවත් ශක්තියක් වෙනවා කියා මා විස්වාස කරනවා.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *