අවසන් තරගය පවා දුන් චෝදනාව මහින්දානන්දට බූමරංගයක් වෙයි

මෙරට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිදුකල අපහාසය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රක්ෂයන් නිසා ක්‍රීඩා දුෂණ විමර්ශන ඒකකය මගින් මෙරට කීර්තිමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එම විමර්ශන ඒකකයට රැගෙන ඒමත් සමග මෙරට ක්‍රිකට් වලට සහ ක්‍රීඩකයන්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් විසින් ගෙනගිය දැඩි අරගලය හේතුවෙන් 2011 ලෝක කුසලානයේදී අවසන් තරගයේදී තරග පාවාදීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා නොවන බවත් ඒ පිළිබද විමර්ශනය කල ඒකකය විසින් දැනුම් දීම මත පොලිස් මුලස්ථානය විසින් අදාල විමර්ශනය අවසන් කල බවට නිවේදනයක් නිකුත් කරන ලදී

දැන් එම චෝදනාව කල මහින්දා නන්ද අලුත්ගමගේ මහතා වෙත එම චෝදනාව බුමරංගයක් බවට පත්වෙමින් ඇත ඒ ක්‍රීඩා දුෂණ වලවීමේ විමර්ශන ඒකකයට වාර්තා කල සිද්ධිය සාවධ්‍ය නිසා දැන් නීතිය හිටපු ඇමති මහින්දා නන්ද අලුත්ගමගේ වෙත එල්ලවීම නිසාය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයනුත් අපක්‍රීර්තියට පත්කරමින්, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවා දුන්බවට හිටපු ආමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අද (06) දින සමාජවාදී තරුණ සංගමය, save the sports සංවිධානය එක්ව ක්‍රිඩා ආමාත්‍යංශය වෙත පැමිණිල්ලක් බාර දී තිබේ.

එම අවස්ථාවට සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චරිත් ගලහේන, මාධ්‍යවේදී විමල් කැටපේ ආරච්චි, සුරේෂ් කරුණාතිලක, දිනේෂ් කුමාර් යන සමාජ ක්‍රියාකාරීන් හා ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *