20 සංශෝධනය වසර පහකින් නයාට අදුකොල නොවේද???

අපි මොහොතකට සිතමු මේ නව 20 විවස්ථා සංශෝධනයෙන් ජනපති සහ අගමැති යටතේ පාලනය කරන ආයතන විගණනය නොකරණ ආයතන බවට පත්කිරීම සම්බන්ධයෙන් කවුරුත් කථා නොකරන දෙයක් ගැන, අපි සිතමු වත්මන් ජනපති හෝ අගමැති වංචා දුෂණ සිදු නොකරන බවට එහෙත් තවත් අවුරුදු පහකින් පස්සේ නව ජනපති කෙනෙක් සහ නව අගමැති වරයෙක් අතට බලය හුවමාරු වීම සිදු නොවේයැයි සිතිය හැකිද??

ඔය කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මගින් ජනපති වරයෙක් සහ අගමැති වරයෙක් පත්වුවහොත් මේ ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධනය අනුව ඔවුන්ගේ ආයතනත් විගණය කිරීමට නොහැකි බව ඔබට වැටහෙනවද? 3/2 බහුතරයක් නොමැති බව පවසමින් ඒ පාලකයන් වසර පහක් තුල රටේ සම්පත් මංකොල්ල කා රටින් පලා ගියොත් ඔවුන් නීතිය හමුවට ගෙනෙන්නේ කෙසේද ??

අපි හිතමු තවත් වසර පහකින් මේ යන විදියට හිටපු යහ පාලන ආණ්ඩුවේ මුදල් ඇමති මේ රටේ අගමැති වී හිටපු අගමැති ජනපති වුණොත් තත්වය කෙසේ වේද??ඔය එදා චෝදනා කල මහබැංකු වංචාව වගේ දහස් ගුණයක වංචාවක් කලද නීතිය ක්‍රියාත්මක කල හැකිද ???

රටේ විවස්ථාව සිටින පාලකයන්ට වගේම අලුතෙන් එන පාලකයන්ටද වලංගු බව ඔබ දන්නවාද?? රටේ විවස්ථාව සංශෝධනය කල යුත්තේ පවතින තත්වය වගේම අනාගත තත්වය ද තේරුම් ගෙන නොවේද ??? තවත් අවුරුදු පහකින් පස්සේ සිටින යම බලයේ සිටීද කියා සහතිකයක් දිය හැකිද ?? නැතිනම් සදාකල් බලයේ සිටින බවට සහතිකයක් දිය හැකිද ??

2015 ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 18 වන විවස්ථාව සංශෝධනය නොකරන්නට තවමත් ජනපති ඔහු නොවේද ??? එදා පක්ෂ විපක්ෂ එකතුවෙලා විවස්ථාව සංශෝධනය කිරීම නරකද ?? 19 විවස්ථා සංශෝධනය නොවන්නට 2015 සිට 2019 දක්වා අගමැතිවරු කීදෙනෙක් ඇතිවීමට අවස්ථාව තිබුනේද කියා ඔබ දනනවද ??

එදා බලය ලබාගෙන මාසයක් ඇතුලත 18 විවස්ථාව සංශෝධනය නොවන්නට අද බලයේ සිටින්නේ කවුරුන්ද කියා සිතාගැනීමට හැකිද ?? 18 විව්ස්තා සංශෝධනය තුල බිහි වූ බලගතු ජනපති 19 තටු කපන ලදී නැවත එම තටු දහස් ගුණයකින් ශක්තිමත් කිරීම අද දිනයේ යහපත් වුවද තවත් වසර පහකින් පසු වෙනත් පාලනයක් වෙත රට තල්ලු වීම තුල ඇතිවන අර්බුධය කොතනින් කෙලවර වෙයිද ??

අයියා සහ මල්ලී අතර බල පොරයක් ඇති නොවුනද අනාගතයේ එවැනි පාලනයක් ස්ථාපිත වීම තුලින් ඇතිවන තත්වය මීට වඩා දරුණු වුවද එදාට එම පාලකයන් දැන් ගෙනෙන 20 සංශෝධනය තුල සැගවීම වැළකිය හැකිද ?? මේ සියල්ල 20 ගැන එක පැත්තක සරළ පැහැදිලි කිරීමක් පමණක් බව සිහිපත් කරමි තවත් බොහෝ දේ එතුල ඇත අද වපුරන බීජයේ අග්‍රපලය නෙලා ගන්නේ ඔවුන් නොවේද ???

එදාට ජනතාව කබලෙන් ලිපට වැටුණු බව තේරුම් ගියද නීතිය ඔවුන් වෙනුවෙන් ශක්තිමත් වී ඇත . 18 වන සංශෝධනය ගෙනා මහින්ද රාජපක්ෂ මහතා සිහිනයකින් වත් 2015 පරදින බව දැණ සිටියනානම් 18 වන සංශෝධනයක් ගේන්නේ නැත .මහින්ද දුරදිග බලා එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහයද ලබාදෙමින් 18 අහෝසි කර 19 ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබාදීම තුල මහින්දගේ වැඩේ සාර්ථක වන ලදී මේ සියල්ල තේරුම් ගැනීමට හැකි ඔබද මමද මේ මොහොතේ සිදුකන විවසතා සංශෝධනය කෙරෙහි වැඩි අවධානයයක් යොමු කිරීම වැදගත් නොවේද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *