රැකියා ලක්ෂයේ වැඩපිලිවෙල මැතිවරණය ඉලක්ක කල ප්‍රෝඩාවක්

වත්මන් රජය පසුගියදා සදහන් කළේ රාජ්‍ය සේවය සදහා අලුතෙන් සේවකයන් බදවා ගැනීම කරන බවත් ඒ සදහා නිර්ණායක වශයෙන් අඩු අදායම් ලාභීන්ට රැකියා ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන බවත් සදහන් කරන ලදී එවැනි යෝජනාවක් සිදුකල රජය පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සදහනක් වැඩ පිළිවෙලක් හදුන්වා දී නොමැත ඒ කෙසේවෙතත් නව ජනාධිපතිවරයාට සහය පලකළ පිරිස් ගෙන් මේ දිනවල අමතිවරුගේ මන්ත්‍රී වරුන්ගේ කාර්යාල පිරී ඉතිරී ඇත තම පුතාට දුවට රැකියා ඉල්ලා දවස පුරා වෙහෙසෙන තත්වයක් දැකිය හැක මෙම රැකියා දීමෙදී පාට පක්ෂ නොබලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නද මේසියලු රැකියා සදහා සුදුස්සන් තේරීම දේශපාලන පදනම මත පමණක් සිදුවීම දැකිය හැකිය

මෙම රැකියා ලබාදීම සම්බන්ධයෙන් අදහස් පලකල ජනතා විමුක්ති  අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ වත්මන් රජය රැකියා ලබාදෙන බව පවසමින් ජනතාව අන්දන බවත් මේ මාසයේ අග නැතිනම් මාර්තු මුල රැකියා ලක්ෂයක් දෙනවා කියන්නේ ලේසි පහසු වැඩක් නොවෙයි අනෙක මේ රැකියා අවස්ථා පොහොට්ටුවේ අයට විතරද මොකද පොහොට්ටුවේ සංවී ධයකයින් විතරක් රැකියා ෆෝරම් බෙදන්නේ  මේක අනුමත කටන්න බැහැ රැකිය දීම  පිළිබද වැඩපිළිවෙලක් රජයට නැහැ ඔවුන් තනතුරු වලට කුලල් කාගන්න වා ජනතාව අනාත වෙලා තියෙන්නේ  තරුණයන්ට රැකියා දෙන බව කියමින් කරන්නේ ප්‍රෝඩාවක් එන පාර්ලිමේන්තු මැතිවරණය දක්වා මේ ප්‍රෝඩාව කරාවි අන්තිමට රැකියා ෆෝම් අතේ තියාගෙන දේශපාලකයන් පසුපස යන යුගය ඇති කරනවා අපි තරුණයන්ට කියනවා අවුරුදු 72ක්  රැවටුනා මදිද අපි වෙනස් නොවන තාක් පාලකයන් වෙනස් වෙන්නේ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *