මිනුවන්ගොඩට කොරෝනා කල හදිය තේරුම් ගැනීම ඔබට භාරයි!!!

දුව තනිකර කොරෝනා ආසාධිත මව රෝහලට ගෙනයයි!!මිනුවන්ගොඩ කොරෝනා අතර කදුළු කථා // PCR කරගන්න පියෙකු සහ පුතෙකු මහපාරේ

නිරෝධායන කරන්න ඕන මිනිස්සු තවම මහා පාරේ ඇවිදිනවා මෙහෙම ගියොත් අපි මහ පාරේ මැරිලා යාවි PCR කරගන්න මිනුවන්ගොඩ රෝහලේ පහසුකම් නැහැ කිව්වා ගම්පහට යන්න කීවා මගේ නෝනා බ්‍රැන්ඩිස් එකේ වැඩ කලේ එයාට කොරෝනා මම පුතා එක්ක මිනුවන්ගොඩ රෝහලට ගියහම මෙහෙ එපා ගම්පහ යන්න කීවා ගම්පහ යන්න වාහන නැහැ කිසිම කෙනෙක් අපිව ගෙනියන්නේ නැහැ මමයි පුතයි අසරණ වෙලා දැන් රෝහල ලගඉදන් පයින්ම ගෙදර යනවා ගෙදර කවුරුත් නැහැ කඩේකින් අපිට බඩු දෙන්නේ නැහැ අපි අසරණ වෙලා ඉන්නේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත පරදේශයේ පියෙකු එලෙස සදහන් කරයි

මේ වත්තේ මිනිස්සු 40 පමණ එකට ඉන්නේ ඔය ඉස්සරහ ගෙදර කාන්තාව වැඩකලේ ඔය කියන වැඩපොළේ එයාට කොරෝනා එයාගේ පොඩි දුව තමයි අර ඉන්නේ ඉස්කෝලේ එකේ පන්තියේ වැගොව්ව ඉස්කෝලෙට යන්නේ එයා බලාගන්න දෙන්නම ගොළුයි ඒ ළමයා වැඩිපුර ඉන්නේ අපේ ළමයි එක්ක අපිට ඒ ළමයා එලවන්න බැහැ බලධාරීන් නිලධාරීන් කිසිවෙක් ඒගැන බලන්නේ නැහැ කොරෝනා ආසාධිත පවුලේ සාමාජිකයා පමණක් ගෙනියනවා අනෙක් අය ගැන බලන්නේ නැහැ මේ අය ප්ච්ර් කරන්න කියලා අපි කියන්නේ ඒවගේම අපිවත් PCR කරන්න අපි කුලීවදක් කරලා ජීවත්වෙන මිනිස්සු අපිට වාහන අරගෙන යන්න වත්කමක් නැහැ මේකට කවුරුන් හරි මැදිහත් වෙලා අපිට සාධාරණයක් කරන්න අපි හරිම අනාරක්ෂිතයි

මමයි අම්මයි විතරයි මේ ගෙදර ඉන්නේ අපි නගර සභාවේ නිවාස පෙළක ජීවත් වෙනවා අම්මට කොරෝනා කියලා අද උදේ ආයතනයෙන් කිව්වා PHI මහත්වරු ඇවිත් අම්මව රැගෙන ගියා මම විතරයි ගෙදර තාත්තා වෙනම ඉන්නේ එයා තව එනවා කිවා මාව ගෙනියන්න එතකන් මම ගෙදර ඉන්නවා මේ නිවාස පෙලේ පවුල් 20 ක පුද්ගලයන් 100 පමණ ජීවත් වන අතර ඔවුන් සියලු දෙනාම මේ සිද්ධියෙන් බියට පත්වෙලා මේ ළමයා PCR කරලා නැහැ අමමා විතරක් අරගෙන ගියා දරුවා ගෙදර අපි කියන්නේ අම්මා සමග දරුවා හිටියේ එයා පරීක්ෂණයට ගන්න ඕන මේ වත්තේ ගෙවල් තියෙන්නේ පේලියට කිසිම ආරක්ෂාවක් නැහැ අපි කියන්න ඕන හැමෝටම කීවා තවමත් නිසි පිලියමක් නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *