ගාල්ලේ “ආෆ්ටර් පාටියේ” මත්පෙති,කේරල ගංජා සමග මත්පැන්

මත්පෙත්තක බලපෑම පැය 24 ක් පමන කාලයක්

ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් 2018 අප්‍රේල් මස 23 දින හික්කඩුව ප්‍රදේශයේ පැවති “ආෆ්ටර් පාටි “ “After party” නැමැති සාදයක් වටලා සැකකරුවන් හතර දෙනෙකු මත්පෙති, කේරල ගංජා සහ බියර් තොගයක්ද සමගින් අත් අඩංගුවට ගනු ලැබීය. මෙහිදී බියර් මි.ලී. 15000 ක් ද මත්පෙති ග්‍රෑම් 60 ක් ද කේරල ගංජා මිලි ග්‍රෑම් 6000 ක්ද සුරාබදු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්විය.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්. සේමසිංහ මහතාට ලැබුන මහජන පැමිණිලි මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (මෙහෙයුම්) එම්.බී.වන්සූරිය මහතාගේ සහ දකුණු පළාත සහ සබරගමුව පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් පී.එච්.සී. ද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල සහ මාතර භාර සුරාබදු අධිකාරී එම්.ඩී.පී. සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල සුරාබදු ස්ථානාධිපති පුධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ සංවිධානයෙන් ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

මත්පෙති සහ කේරල ගංජා සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවු. 18 සහ 19 වයස් වල පසු වන්නන් වන අතර ඔවුහු මරදාන සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල පදිංචි මුස්ලිම් ජාතික අවිවාහක තරුණයන් වේ. ඔවුන් තිදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළද ව්‍යාපාර වල නිරත වන අතර තවත් මිතුරන් දෙදෙනෙකු සමග නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යන බව නිවෙස් වලට පවසා මෙම සාදය සදහා පැමිණ ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙලිදරව් වී ඇත.

පෙර දින රාත්‍රියේ ඉදුරුව ප්‍රදේශයේ ඩිස්කෝ සාදයක් පවත්වා ඇති අතර රැය පහන් වන තුරුම එය පැවැත් වී ඇත. අනතුරුව එයට සහභාගී වූ පිරිස මෙම සාදය සදහා සහභාගී වීමට හික්කඩුව ප්‍රදේශයට පැමිණ ඇත. භාවිතයට ගන්නා එක් මත්පෙත්තක බලපෑම පැය 24 ක් පමන කාලයක් ශරීරයේ පවතින බැවින් මෙවැනි රාත්‍රි සාදයකින් අනතුරුව ඊට ආසන්න වෙනත් ස්ථානයක  “ආෆ්ටර් පාටි “ නමින් නැවත සාදයක් පැවැත්වීම නව ප්‍රවනතාවයක් බවට පත්ව ඇත.

පිලියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකු හික්කඩුව, ගොඩගම ප්‍රදේශයේ පිහිටි කාමර පහසුකම්ද සහිත උත්සව ශාලාවක් (රෙබිකා) රු.25000/= ක කුලියකට මෙම සාදය සදහා ලබා ගෙන ඇත.  මෙම සාදය සදහා බොහෝ තරුණ තරුණියන් සමගින් පැමිණ සිට ඇති අතර සුරාබදු නිලධාරීන් එම ස්ථානයට කඩා පනින විට ඔවුන් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සිට ඇත. එහි සිටි තරුණයන්ගෙන් වැඩි පිරිසක් මුස්ලිමි ජාතිකයන් බවද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම සාදය සදහා පැමිනීමට ඔවුන් සංවිධානය වී ඇති බවද ඔවුන්ට මෙහිදී එක් මත්පෙත්තක් රු. 8000/= ක මුදලකට අලෙවි කර ඇති බවට වැටලීම සිදු කළ සුරාබදු පරීක්ෂක අසංක කල්‍යානප්‍රිය මහතා පැවසීය.

අත් අත් අඩංගුවට ගන්නා ලද මත්පෙති මෙවැනි සාදවලදී “පිල්” නැමැති නමින් හදුන්වන අතර ඒවා “එක්ටසි” නමින් හැදින්වෙන ඇම්පෙටමින් වර්ගයක් බවද මේවා  උත්තේජක වර්ගයක් වන බැවින්  භාවිතා කල විට  ශරීර ක්‍රියාකාරිත්වය  තාවකාලිකව වැඩිවන අතර ඩිස්කෝ සාදවලදී රංගනයේ යෙදිම සදහා භාවිතා කරන බවද දැඩි ඇබ්බැහිකාරක මත්ද්‍ර‍ව්‍යයක් වන මේවා භාවිතයෙන් ශරීරයට දිර්ඝකාලිනව බරපතල හානි ගෙනදෙන බවද  ගාල්ල සුරාබදු පරික්ෂක  ධීර ගුණසේකර මහතා පැවසිය.

තවද සුරාබදු  නිළධාරින් දෙදෙනෙකු ව්‍යාජ ගැණුම්කරුවන් ලෙස යොදවා මෙම වැටලිම සිදු කරන ලද බවද ඒ මහතා  පැවසිය.මෙම සැකකරුවන් සිවුදෙනා 2018 අප්‍රේල් මස 24 දින බලපිටිය  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර බලපිටිය ප්‍ර‍ධාන මහේස්ත්‍රාත්  සම්පත් එන්.ගමගේ  මහතා විසින් බියර් අලෙවි කිරිම සහ නියමිත ප්‍ර‍මාණයට වඩා වැඩිපුර බියර් සන්තකයේ තබා ගැනිමට අදාල චෝදනාවට වැරදිකරුවු සැකකරුට රුපියල් 11000 /- ක දඩ මුදලක් නියම කරන ලද අතර බියර් තොගය රාජසන්තක කරන ලදි.  මත්පෙති සහ කේරල ගංජා  සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්  තිදෙනා 2018 මැයි මස 07 වෙනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලදි.

මෙම වැටලීම සදහා ගාල්ල සහ මාතර භාර සුරාබදු අධිකාරි  එම්.ඩී.පී.සුනිල් ශාන්ත , ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍ර‍ධාන සුරාබදු පරීක්ෂක  ධීර ගුණසේකර  සුරාබදු පරික්ෂකවරුන් වන අසංක කල්‍යාණප්‍රිය, ඒ.එස්.ජී.සම්පත් නයනප්‍රිය, ඩබ්ලිව්.ජී.එස්.අමරරත්න , සුරාබදු සැරයන් මේජර් ආර්.පී.තිලකරත්න , සුරාබදු නියාමකවරුන් වන 814 සම්පත් රණසිංහ , 899 ඉන්දික ධර්මප්‍රිය , 1072 රජිත මිහිරංග, 1118 ඉරේෂ් කාවින්ද , 1191 බුද්ධික වික්‍ර‍සිංහ , සුරාබදු රියදුරු එල්. මධුෂාන්, යන ගාල්ල සුරාබදු ස්ථානයේ නිළධාරින් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *