හෙරොයින් කිලෝ 6 ක් සමග පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමට අයත් කටුනායක කුරණ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල මෙහෙයුමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 6 ග්‍රෑම් 137 ප්‍රමාණයක් ලග තබා ගත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදී වයස අවුරුදු 45 වන මෙම පුද්ගලයා කුරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පොලිස් මත්ද්‍රවය කාර්යාංශය භාරයට ගත් අදාල හෙරොයින් තොගය සමග සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *