පාඨලී අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැදවීමේ සුදානමක්

පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැදවන්න පක්ෂ නායකයන් කථානායකට කියයි

හිටපු අමත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල ආකාරය සම්බන්ධයෙන් සියලු පක්ෂ නායකයන් අසතුට සහ අප්‍රසාදය පලකර ඇත ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකරමින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතිබව පක්ෂනයකයන් සදහන් කර ඇත ඒ ලබන තුන්වනදා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කථානායක කරුජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක හමුවේදී මෙම අදහස් පළකර ඇත

මේ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැදවා දැනුවත් කිරීමට පියවර ගැනීමට තීරණය විය. එම අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කරන ලදී.

අද දින පක්ෂ නායක රැස්වීම සදහා ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා,ගරු අමාත්‍යවරුන් වන:-අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන්වන:සජිත්ප්‍රේමදාස,ගයන්තකරුණාතිලක,රවුෆ්හකීම්,රවිකරුණානායක, අජීත් පී පෙරේරා, මනෝ ගනේෂන් ,නිරෝෂන් පෙරේරා යන මහත්වරු ද එක් වුහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *