විජයදාස රාජපක්ෂගේ නව ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධයක් // ඔහු කව්ද මොනවද කරන්නේ

බළලා මල්ලෙන් එලියට පැමිණි නව ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලාන්තය

පාර්ලිමේන්තු මන්ත්‍රී විජය දාස රාජපක්ෂ මහතා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කර ඇති 21 වන සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විපක්ෂ කණ්ඩායම් සහ සිවිල් සංවිධාන වෙතින් විරෝධයක් එල්ලවී ඇත ඒ පවතී ව්‍යවස්ථාවේ ඇති අඩුපාඩු නිරාකරණය කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුලන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ඇති බව ඇතැම් පාර්ශව චෝදනා කරන අතර රටට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව අලුත් ව්‍යවස්ථාවක් බව ඇතැම් පාර්ශව පෙන්වා දෙයි

වර්තමාන ව්‍යවස්ථාව හිටපු අගමැතිවරයාගේ බලය වර්ධනය කිරීමේ අරමුණු සහිතව සංශෝධනය කල ව්‍යවස්ථා සංශෝධනයක් බව චෝදනා කරන කණ්ඩායම් කියන්නේ 19 වන ව්‍යවස්ථාවේ හොද ලක්ෂණ සියල්ල අගමැතිවරයාට බලය වැඩි කිරීම තුලින් අසාර්ථක වූ බවයි ජනතා විමුක්ති පෙරමුණ එම සංශෝධනයක් වශයෙන් ගෙනා සාර්ථක 20 වන ව්‍යවස්ථා සංශෝධනයද පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් තොරව ප්‍රතික්ෂේප වන ලදී මේ අනුව රටේ ජනතාවට අවශ්‍ය තාවයනට අනුව නොව පවතින පාලකයා වෙනුවෙන් ගෙනා ව්‍යවස්ථා සංශෝධන නිසා 1982 සිට වත්මන් ව්‍යවස්ථා සංශෝධන සියල්ල පාලකයාගේ අවශ්‍ය තාවය මත ගෙනා ව්‍යවස්ථා සංශෝධන බව නොරහසකි රටක ව්‍යවස්ථාව සමස්ත රටේ ජනතාවගේ අනාගත අවශ්‍යතාවයන් මත ගෙන එම වැදගත් බව කිව යුතුය.

විජේදාස රාජපක්ෂ මහතා නීතිය පිළිබද විශාරදයෙක් වශයෙන් මෙරට පිළිගැනීමක් තිබුණද ඔහු සැමවිටම තමන් නියෝජනය කරන පාර්ශවයේ අවශ්‍යතාවය මත එම සංශෝධන ගෙනෙන බව පක්ෂ විපක්ෂ නියෝජිය්තයනගේ අදහසය මේ නිසා 21 සහ 22 වන ව්‍යවස්ථා සංශෝධන ගෙන් ඒම තුලින් විජයදාස රාජපක්ෂ මහතා සිදුකර ඇත්තේ පරණ තැටිය වාදනය කිරීමක් බවත් ඔහු 19 වන ව්‍යවස්ථාව ද ගෙන ඒමට සිදුකල කාර්ය නිසා ඔහු සිදුකරන්නේ කුමක්ද යන්න පැහැදිළි බව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පලකරන ලදී

විජයදාස රාජපක්ෂ මහතා ගෙන ඒමට සුදානම් වන ව්‍යවස්ථාව තුලින් රටේ ප්‍රජාත්නත්‍රවාදය හකුලන ව්‍යවස්ථාවක් බව නීති විශාරදයෙකු වන නගානන්ද කොඩිතුවක්කු මහතා චෝදනා කරයි ජනතා විමුක්ති පෙරමුණ සහ සම්ස්තලංකා මුස්ලිම් කොංග්‍රසය මෙම සංශෝධනයන් නොකළ යුතු බවත් රට විශාල දේශපාලන අගාධයකට රැගෙන යාමට ඔහු කටයුතු කර ඇති බවත් චෝදන්නා කරයි දෙමල ජාතික සංවිධානය සදහන් කරන්නේ නව සංශෝධනයන් පිළිබද තම සන්ධානය පුළුල් සකචාවක් ඉදිරියේදී ඇතිකර තම මතය ඉදිරිපත් කරන බව සදහන් කරයි විශේෂයෙන් කුඩා පක්ෂ නව ව්‍යවස්ථා සංශෝධනයන් තුලින් දැනට 5% ප්‍රතිශතය අහෝසි කිරීමට කර ඇති යෝජනාව දැඩිව විරුද්ධ බව සදහන් කරයි..

විජේදාස රාජපක්ෂ කවර භූමිකාවක් වර්තමානයේදී නියෝජනය කරනවාද යන්න විමසිය යුතුය එවකට චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ට පත්කරන ලදී අනතුරුව 2005 ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සදහා එක්සත් ජාතික පක්ෂයට සහය පලකරන ලදී අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන විජයදාස රාජපක්ෂ මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරන ලදී 2010 වර්ෂයේදී ජනාධිපතිවරනයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ සමයේ ප්‍රධාන නීති උපදේශකයා පමණක් නොව එම මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා දිනවීම සදහා කටයුතු කරන ලදී

සරත් ෆොන්සේකා මහතා පරාජය වීමෙන් අනතුරුව දෙදෙනා අතර දැඩි විරසකයක් හටගන්නා ලදී සරත් ෆොන්සේකා මහතා ට පාර්ලිමේන්තු නියෝජනය ලබා නොදීමට කටයුතු කල බව සරත් ෆොන්සේකා මහතා දැඩිව ඔහුට චෝදනා කරන ලදී එම විරසකය අතරතුර 2015 මැතිවරණයේදී එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සදහා කටයුතු කරන ලදී අනතුරුව පත්වූ රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවන ලදී ඒ පසුගිය රජයේ චෝදනා ලැබූ දේශපාලකයන් සහ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමේ මන්දෝත්සාහය නිසාය.ඔහුට එල්ලවූ එම චෝදනාව නිසා අධිකරණ අමාත්‍ය දූරයට සමුදීමට සිදුවන් ලදී අනතුරුව සමස්ත ඇමති මණ්ඩලයෙන්ද විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කරන ලදී

එවකට සිදුවූ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රබල හඩක් නැගු විජය දසරජපක්ෂ මහතා දින 52 ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍ය දුරයක් භාරගන්නා ලදී පසුව අවසන් වරට පැවති ජන්ධිපතිවරනයෙදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා සහය ලබාදෙන ලදී වත්මන් ආණ්ඩුවේ අමත්‍යදුරයක් නොලැබුනද විජයදාස රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා වශයෙන් කටයුතු කරනු ලබයි.

මේ අනුව තම දේශපාලන ගමනේදී විවිධ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සමග අවස්ථා ගණනාවකදී එකට කටයුතු කිරීම නිසා ඔහු ඩීල් දාස වශයෙන් කටයුතු කරන බව ඇතම් මන්ත්‍රීවරුන් චෝදන්නා කරනු ලබයි.ආන්දෝලනාත්මක නීති කටයුතු රැසක සිදුකර ඇති විජයදාස රාජපක්ෂ මහතා ජනතා සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථා බහකට ලක්වඇති බවත් ආන්දෝලනාත්මක අවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් කටයුතු කල ආකාරයත් විජයදාස රාජපක්ෂගේ ගමන් මගේ සාධක බව මන්ත්‍රීවරු චෝදනා කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *