STF මෙහෙයුමකින් කසල තේ කිලෝ 8000 ක් මාවනැල්ලෙන් අල්ලයි

ගම්පොල උනම්බුව විශෙෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක්

ගම්පොල ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට හා විදේශ රටවල් වලටත් අපනයනය කිරිමට පරිභෝජනයට නුසුදුසු කසල තේ ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයක් කසල තේ කිලෝ 8000 කට ආසන්න ප්‍රමාණයක් සමගින් මාවනැල්ල හිගුල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනිමට ගම්පොල උනම්බුව විශෙෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අද ( 29 ) අලූයම කටයුතු කරන ලද බව එම සෙබළුන් පවසයි.

එම සෙබළුන් විසින් අදාල වැටලිම සිදු කරමින් එම ස්ථානයේ රැදි සිටින විට දැව කඳන් ප්‍රවාහනය කර ලොරි රථයක් පරික්ෂාවට ලක් කර ඇති අතර එහි බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර ඉරු තෙක්ක දැව පරාල 64 ක් තිබුණු බව පවසයි. එම ලොරි රථය සහ දැව කඳන් මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත ප්‍රදෙශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සතුයි. ඒවා උයන්වත්ත ප්‍රදේශයේ සිට මාවනැල්ල හිගුල ප්‍රදේශයේ පුද්ගලයෙකුට නිතී විරෝධී ලෙස ප්‍රවාහනය කර ඇති බවද සෙබළුන් පවසයි.

මුලින් අත්අඩංගුවට පත් ගම්පොල දවුලගල පොලිස් බල ප්‍රදේශයේ බූවැලිකඩ තේ කර්මාන්ත ශාලා වලින් පාරිභෝජනයට නුසුදුසු කසල තේ ප්‍රවාහනය කිරිම කාලයක සිට සිදු කර ඇති බව පරික්ෂණ වලදි හෙළි වි ඇත. විශෙෂ කාර්ය බලකා සෙබළුන් පවසන්නේ ජාත්‍යන්තරයට පවා ලංකාවේ තේ සම්බන්ධයෙන් අප කීර්තියක් ඇති වන ලෙසින් රටේ කීර්ති නාමයට හානියක් වන ලෙස මෙම කසල තේ රටවල් වලටද ආනයනය කර ඇති බවයි. මිට අමතරව මෙම කසල තේ කොළඹ ප්‍රදේශයට ගෙන ගොස් ලංකාවේ ජනතාවට මෙවා වෙනත් තේ කොළ සමග කවලම් කර මුදලට අලෙවි කරන බවටද තොරතුරු වාර්තා වන බවද කියයි.

පැය 8 කටත් වැඩි කාලයක් මෙම මෙහෙයුම සිදු කර නිලධාරින් අලූයම 2.00 ට පමණ කසල කන්ටේනර් රථය අත්අඩංගුවට ගෙන තිබුණු අතර එහි රියදුරාද අත්අඩංගුවට පත් විය. මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් මෙවා කොළඹ පෑලියගොඩ ප්‍රදේශයට ගෙන ගොස් එතන් සිට මෙම හොර වෙළදාම සිදු කරන බව වාර්තා වි ඇත.

මෙහි රියදුරා ලොරි රථයේ ප්‍රවාහනය කරන්නේ මොනවාදැයි නොදන්නා අතර පෑලියගොඩට ගෙන ගොස් වෙනත් රියදුරෙකුට ලොරි රථය භාර දෙන බවද වාර්තා වෙයි. කසල තේ ලොරි රථයේ සැකපිට අත්අඩංගුවට පත් රියදුරා දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහු එදින ලොරි රථයේ රියදුරෙකු නොමැති නිසා එදිනටම පමණක් පැමිණි අයෙක් වන බව පරික්ෂණ වලදි හෙළි වි ඇත.

මෙම කසල තේ කන්ටේනර් රථයේ සුක්ෂම අසුරා ප්‍රවාහනය සිදු කර ඇති අතර මෙ වන විට ඒවා විශෙAෂ කාර්ය බලකා සෙබළුන්ගේ පරික්ෂාවට ලක් වෙමින් පවති.මෙම වැටලිම සඳහා විශෙෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සහ කලාප අණදෙණ නිලධාරී මහනුවර සහකාර පොලිස් අධිකාරි එල්.ආර්. ඒ. රෝහණ මහතාගේ සෘජු අධික්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරික්ෂක සංජිව ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවිමෙන් පො.ප. ආර්.ඒ.ඩි.සී.එස්. රත්නායක, පො:සැ: 7677 චම්පික, පො:සැ: 13649 කුමාර, උ: පො: ප බණ්ඩාර, උ:පො:ප ජයවීර පොලිස් කොස්තාපල්වරුන් වන 74241 සමරකොන්, 10205 කස්තුරි ආරච්චි, 24012 මධූසංක, පො:කො, රි 13542 ඒෂාන් යන මහත්වරුන් සහභාගි විය.
මෙ වන විට කසල තේ ලොරිය සහ තෙක්ක ලොරිය මාවනැල්ල පොලිසියේ රඳවා විශෙෂ කාර්ය බලකා සෙබළුන් පරික්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *