නීති විරෝධී මත්පැන් සොයන STF මෙහෙයුම // වීඩියෝ සහිතයි

නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය වැටලීම සදහා විශේෂ වැඩ පිළිවෙල යටතේ

පවතින ඇදිරි නීතිය අවස්ථාවේ නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය සහ ඇලවිය සිදුකරන ස්ථාන සහ වාහන නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ද්ධ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ දිනවල විශේෂ මෙහෙයුම් රැසක් රට පුරා ක්‍රියාත්මක කර ඇත.මත ද්‍රව්‍ය වැටලීම් සදහා විශේෂ දක්ෂ තාවයක් ඇති පොලිස් විශේෂ කාර්ය බලකාය මේ දිනවල රාජකාරී රැසක් ඉටුකරමින් ඇත.

ගම්පහ දිස්ත්‍රිකයේ නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය වැටලීම සදහා විශේෂ වැඩ පිළිවෙල යටතේ කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කදවුරේ කණ්ඩායමක් කටන කඩවල ප්‍රදෙශේයට යන්නේ තම බුද්ධි අංශ සහ උපාය දූතයන් යොදවා නීති විරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීම සහාය නීතියේ රැහැනට වැලි ගසමින් ගම්පහ දිස්ත්‍රිකයට නීති විරෝධී මත්පැන් බෙදන ප්‍රධානතම ජාලයෙහි මාර්ගය රැක සිටිමින් වැන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවන ලදී . ඒ අනුව අනුව නීතිවිරෝධී මත්පැන් බෝතල් 680 ක් සහ මුදල් රු 50000 ක් සහ වෑන් රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කටාන පොලිස් ස්ථානය වෙත ඉදිරි නීතිමය කටයුතු සදහා බාරදෙන ලදී

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස් පති ලයනල් ගුණතිලක පොලිස් විශේෂ කාර්ය බලකායේ බස්නාහිර පළාත උතුර අණදෙන නිළධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී වී.ජේ සිල්වෙස්ටෝර විජේසිංහ සහකාර පොලිස් අධිකාරී ඩී .සී වැවිට විදාන නිලධාරීන්ගේ උපදෙස් මත ස්ථාන්ධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම.එම්.එන් .කේ මාරසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් උ.පො .ප කේ,එම් ,එස් බණ්ඩාර ,උ.පො .ප පී .වී .ඩී .ජේ නිශාන්ත ,පො සැ 15180 හේරත් ,32201 සෙනවිරත්න ,40444 රෝහණ ,53480 ප්‍රේමලාල් පො කො 20917ජයතිස්ස, 9285 වඩුගේ ,66847 දිසානායක යන නිලධාරීන් මෙහෙයුම සදහා එක්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *