ශ්‍රී ලංකන් ගුවන් සේවය සියළු ගුවන් ගමන් තාවකාලිකව නවතයි!!

අප්‍රේල් මස 8 න දින සිට අප්‍රේල් මස21 න දින දක්වා

දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 න දින සිට අප්‍රේල් මස21 න දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටු වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සිදුකර ඇත අපගේ වටිනා මගීන්ට කණගාටුවෙන් යුතුව දැනුම් දෙමි ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළදපොල තත්වයන් සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමාවන් සමලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 2020 අප්‍රේල් මස 21 දිනට පෙර කෙටි දැනුම් දීමකින් සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සුදානම්ව සිටීන බව සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

එසේම අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට සදහා මෙම කාලය තුල විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටද ගුවන් සමගම කැමැත්තෙන් සිටින බව කියා සිටී කෙසේ වෙතත් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව පවතින ලෝක ව්‍යාප්ත ජලය මගින් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති අතර අවශ්‍ය විටක ඒ සදහා විශේෂ ගුවන් ගමන් සිදු කරනු ඇත.

දශක හතරක සේවා කාලය තුල ගුවන් සමාගම විවිධ අභියෝග මධයේ වුවද ලොව පුරා සිටින සියළුම මගීන් සහ පොදුවේ සියලු ප්‍රජාවන් එක සමානව සේවා සැපයීම ට කටයුතු කලද ලෝකයේ අන් සියලු ගුවන් සේවා මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ පසුකර යන්නේ ඉතා දුෂ්කර හා අවාසනාවන්ත කාල පරිච්චේදයක් බව සදහන් කරයි.

ගුවන් සමාගම් පාලනයෙන් ඔබ්බට ගිය මෙම තත්වය යටතේ අපහසුතාවයට පත්ව ඇති වටිනා මගීන් ට උපරිම පහසුකම් සැලසීම අදහසින් ගුවන් ප්‍රවේශ පත්‍ර නැවත වෙන්කරවා ගැනීම සහ නැවත නිකුත් කිරීම ට අදාල ප්‍රතිපත්තියක් දැනට ක්‍රියාත්මක කර ඇති අතර එය www .srilankan .com වෙතින් ලබා ගත හැකිය

වැඩිදුර තොරතුරු සහ පැහැදිළි කිරීම සදහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන් සහ ලගම ඇති ශ්‍රී ලන්කන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකථන අංකයට ඇමතීමෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකිය.

අතීතයේදී මෙන්ම මෙම වසංගතය ගෝලීය වසංගතය ව්‍යාප්ත වී ගිය ද පටන් ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය රාජකාරිය අකුරටම ඉටුකරමින් සිටින්නේ ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් කර රැගෙන ඒමට සහ වෛද්‍ය ආධාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සදහාය covid 19 සමග සටන් කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේදී එහි සුවිශේෂී කර්යභ්ර්ය ඉටු කරමින් අපේක්ෂා කරන ඕනෑම ජාතික ප්‍රයත්නයක් ක්‍රියාත්මක කිරීමට ගුවන් සේවය සම්පුර්න යෙන්ම සුදානම් බව සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

පවතින අයහපත් වාතාවරණය පහව ගිය වහාම ගුවන් සේවය සිය මගීන්ට වඩාත් නවීකරණය කරන ලද පහසුකම් වලින් සමන්විත අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබා දීමට ඉකමනින් සිය සේවා නැවත ආරම්භ කිරීමට බලාපොරොතු වෙන් සිටින බවද සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *