ශ්‍රී ලංකා රුපියල අද වාර්තාව 182.27 වෙයි!

රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදයද ප්‍රධාන වශයෙන් බලපා ඇති බව

ශ්‍රී ලංකා රුපියල වාර්තා පිට වාර්තා තබමින් දිනෙන් දින ඉහල යමින් ඇත අනුව මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (28) දින ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 182.27ක් ලෙසද ගැණුම් මිල රුපියල් 178.32ක් ලෙසද සටහන් වී තිබේ.

2018 වසර ආරම්භයේ දී ඩොලරයක විකුණුම් මිල රුපියල් 155.23ක් ලෙසින් සනිටුහන් වූ අතර ඩොලරය ඉහළ යමින් රුපියල බාල්දුවීම සම්බ්නධයෙන් එකළ අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සඳහන් කර සිටියේ තමන් බලයට පැමිණියහොත් රුපියල බල්දුවීම පාලනය කිරීමට වැඩපිළිවෙලක් ඇති බවය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය මහින්ද රාපක්ෂ මහතාට ලබා දෙන විට ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 174ක්ව තිබූ අතර  ගතවූ දින 33 ඇතුළත රුපියල් 09කට ආසන්න ගණනකින් රුපියල අව ප්‍රමාණය වී තිබේ.

රුපියල කඩා වැටීමට මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදයද ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉදිරියේදී දැඩිව බලපානු ඇති බවත් ආර්ථික විශලේෂකයෝ සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *