කැනේඩියානු ඛේදවාචකයෙන් ශ්‍රී ලාංකික සම්බවයක් සහිත කාන්තාවකුත් මියයයි.

වසර හතරකට පෙර කැනේඩියානු පුරවැසි භාවය හිමිවෙලා.

පුද්ගලයන් 10 දෙනෙකුට මාරු කැඳවමින් පෙරේදා (04/23) කැනඩාවේ සිදුවූ ඛේදවාචකය ශ්‍රී ලාංකික සම්බවයක් කාන්තාවක් ද මියගොස් තිබෙනවා.මෙම ඛේදවාචකය සිදුවුයේ ජනාකීර්ණ වීදියකදී පුද්ගලයෙකු වැන් රථයක් පදිකයන් දෙසට ධාවනය කිරීමෙන්.රේණුකා අමරසිංහ නමැති මෙම කාන්තාව ශ්‍රී ලංකාවේ හොරණ කිදෙල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඩුබායි රජ්ජයේ සේවය කිරීමෙන් අනතුරුව රැකියාවක් සඳහා කැනඩාවට ගොස් ඇති අතර වසර 4 කට පෙර ඇයට කැනඩාවේ පුරවැසි භාවය හිමිව තිබෙනවා.පසුගිය අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකාවට පැමිණි ඇය සතියක පමණ කාලයක් ගතකොට නැවතත් කැනඩාව බලා ගොස් තිබෙනවා.කැනඩාවේ පුරවැසි භාවය හිමි ඇයගේ අවසන් කටයුතු කැනඩාවේ ම සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *