පරාජයේ වගකීම භාර නොගැනීම පක්‍ෂ අභ්‍යන්තර ගැටුම් වලට හේතුවයි.

එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහිව බිම් මට්ටමින් නැගෙන විරෝධතාව පිළිබඳව යලි සලකා බැලිය යුතු බව එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළා. ඒ  මහනුවර ප්‍රදේශයේ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතාපැවසුවේ  දිනෙන් දින එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඈත්වෙමින් පවතින පක්ෂයක් බවට පත්ව ඇති බවත්, පරාජයේ වගකීම භාර නොගැනීම පක්‍ෂ අභ්‍යන්තර ගැටුම් වලට හේතුව වී ඇති බවත්  තිස්ස අත්තනායක මහතා සඳහන් කළා. එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම තිබෙන බව පක්ෂයේ නායකයන් මතක තබා ගත යුතු බවත් මැතිවරණයෙන් ලද පරාජයෙන් පැහැදිලි වන්නේ පක්ෂයේ දවන්ත් කඩා වැටීම බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *