37 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසියට මෙරට නියෝජිත පිරිස යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා මෙරට නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඇතුළු කණ්ඩායමක් ජිනීවා බලා පිටත්ව යන බවයි  විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
එළඹෙන 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඔහුගේ වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිත අතර  කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස්  දැක්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 වනදා ආරම්භ වූ අතර මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *