ශ්‍රී ලාංකීය කලාවේ මහගෙදර “එල්ෆින්ස්ටන් රඟහල” ජනතා අයිතියට පත් කෙරේ

අංග සම්පූර්ණ නවීන රංගශාලා තාක්ෂණය සහිතව

ශ්‍රී ලාංකේය සිනමා, නාට්‍ය හා රංගකලා ඉතිහාසයේ කීර්තිමත් රඟහලක් ලෙස මෙරට කලාකරුවන්ගේ හා ප්‍රේක්ෂක ජනතාවගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ, ජාතික මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති එල්ෆින්ස්ටන් රඟහල, අංග සම්පූර්ණ නවීන රංගශාලා තාක්ෂණය සහිතව, 2019 ජනවාරි මස 24 දින ප.ව. 1.30ට යෙදෙන සුභ මොහොතින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය, සජිත් ප්‍රේමදාස මැතිඳුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය, රන්ජන් රාමනායක මැතිතුමාගේ සුරතින් යළි ජනතා අයිතියට පත් කරන ලදී

1925 ඔක්තෝම්බර් 19 වැනි දින ඉංග්‍රීසි ජාතික එච්.ඊ. නිව්න්හැම් මහතා විසින් එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත. ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත සඳහන් කර ඇති අන්දමට නිවුන්හැම් මහතා එවක සිටි නගරාධිපතිවරයෙකු වේ. ආසන 800කින් යුත් මෙම සිනමා ශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ එච්.එෆ්. බිල්ටෝරියා මහතා විසිනි. වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු මෙන් ම පර්සියානු සම්භවයක් සහිත සිනමා ව්‍යාපාරිකයෙකු වූ ජේ.එෆ්.මාදන් විසින්, එල්ෆින්ස්ටන් නම් ආණ්ඩුකාරයා සිනමාව වෙනුවෙන් කළ සේවය අගයනු වස්, මෙම සිනමා ශාලාව “එල්ෆින්ස්ටන්“ නමින් නම් කරන ලදි.

1979 ජනවාරි 04 දින ටවර් හෝල් රඟහල පදනම පිහිටුවීමෙන් පසු එල්ෆින්ස්ටන් රඟහල ටවර් හෝල් රඟහල පදනම වෙත පවරාගෙන ඇත. දේශීය ලක්ෂණ පිළිබිඹු කළ ප්‍රථම සිංහල සිනමා පටය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහතාගේ “රේඛාව” ප්‍රථම වරට ප්‍රදර්ශනය කර ඇත්තේද එල්ෆින්ස්ටන් රඟහලේ වීම විශේෂත්වයකි.මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මැතිතුමා, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මැතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා ඇතුළුව, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන වල ආයතන ප්‍රධානීන් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *