ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී අභිමානය රැක ගනී ද???

දේශපාලන සමාජ අර්බුධ මැද ක්‍රිකට් ගැන කවර කථා ද ??

දේශපාලන සමාජ අර්බුධ මැද ක්‍රිකට් ගැන කවර කථා කරන්නද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට තවත් දෙයක් ඉතිරි නොකරම සියල්ල කඩා වැටීම දේශපාලන සහ සමාජ කාරණා මත සැගවී ගියද තවත් බොහෝ කලකට මෙරට ක්‍රිකට් ගැන කථා කිරීම නවතිනු ඇත.

එහෙත් කවදත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබාදෙන කොළඹ ssc ක්‍රීඩා න්ගනය තවමත් ලක් මාතාවට ජයග්‍රහණයක් ලබා දීමට සුදානමින් සිටියද අපේ කණ්ඩායම ඒ සදහා කෙතරම් සුදානමකින් පසුවෙනවද යන්න සැක සහිතය කෙසේ හෝ එංගලන්ත කණ්ඩායම අවසන් ඉනිමේ අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම තුලින් ඒ ජයග්‍රහණයේ බලාපොරොත්තු දැල්වෙනු ඇත. මෙම සටහන ලියන මොහොතේ එංගලන්ත දෙවැනි ඉනිම 74/4 ලෙස සටහන් වීම සතුටට හේතු වුවා සේම ශ්‍රී ලංකා පිතිකරුවන් තම යුතුකම නිසි ලෙස ඉටු කරයිද???

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වනවිටත් 2/0 ලෙස එංගලන්තය ජයග්‍රහණය ලබා ඇත මෙම තරගේයෙදී ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තම අභිමානය රැකගැනීමේ අවස්ථාව පමණි.

තරගාවලිය පුරාම පිතිකරුවන්ගේ අතිශය දුර්වල පිතිකරණය නිසා සමස්ත තරගාවලියම පරාජයට පත්වීම විශේෂයෙන් කිව යුතුය අද තරගයේ එංගලන්ත ඉනිම ලකුණු 150 කට අඩුවෙන් දවා ගැනීමට නොහැකි වුවොත් නිසැකවම පුර්ණ තරගාවලි පරාජයකට ශ්‍රී ලංකාව පත්වෙනු ඇත

ඊයේ දෙවන දිනය අවසානයේ දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 03 ක් ලබා සිටි අතර එංගලන්තය දෙවන ඉනිමේ කඩුලූ 10 ම අතැතිව ලකුණු 99 ක් ඉදිරියෙන් සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *