බොහෝ ප්‍රදේශවලට වැසි සහ සුළං

මහවැලි ගග දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස

ඉදිරි පැය 48 තුලදී ගාල්ල හම්බන්තොට හරහා මුලතිව් දක්වා මුහුදු තීරය භාවිතාකරන ධීවරයින්ට සහ නාවිකයින්ට මුහුදු තීරය අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින ආසන්නයේ පැවති තරංගකාරි කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් බවට පත්ව ඇත.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක මහතා පැවසුවේ, එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ වනවිටත් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8 විවුර්ත කර ඇතිනිසා මහවැලි ගග දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *