වසර 41 ක් තිස්සේ බෞද්ධ වෙහෙරක් පවිත්‍රකරන කතෝලික ආගමික මිනිසා

ලොවටම මහා උපදේශදේයක් ලබාදෙන

සටහන හා ඡායාරූප  සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.03.22

තම ඇඟිලි තුඩුවලින් වසර 41ක් පුරාවටම පුරා අක්කර හතරකින් සම්ත්විත විහාරස්ථානය පිහිටි ඉඩම හා විහාරය පවිත්‍රකරන ලොවටම මහා උපදේශදේයක් ලබාදෙන බෞද්ධයකු නොවන අනාන්‍ය ආගමික ලබ්දියකු  වු දෙදරු පියෙක් පිළිබදව සාධු සම්මත වු දැහැමි කාන්තාරයකි මේ. මොහු උපතින්ම අන්‍ය ආගමිකයෙකි.හෙතෙම රෝමානු කතෝලිකයෙකි.

නමුත්, තම නිවස ඉදිරිපිට ඇති ගාල්ල බෝපේ  පිහිටි කළේගාන සේතබිම්බාරාමය නැතහොත් ඓතිහාසික පොල්කඳවෙල විහාරස්ථානයේ උරුමකරුවා නොවුනද භාරකරුවා සේ සිතා මේ මෙහෙවර පිරිසිදු කරන්නේ ආගමට දහටම ගහමරා ගන්නාවු රටක, සමාජයක, ලොවක අපි සියල්ලටම අපුරු කතාන්දරයක් කිහිපවතාවක්ම මෙනෙහි කරන්නට තරම් වු අභිත සාධු සම්මත ක්‍රියාවකි.

අරූ සිංහලයා මූ මරක්කලාය තෝ ද තො තම්බියා, තොපිනම් ඇත්තටම දෙමළුම තමයි  ආදි වශයෙන් සමහරක් ආගමික නායකයෝද, සමහරක් මහජනතාව ද, සමාජයේ බෙදි කටයුතු කරන සමයක මේ පුද්ගලයා ලබා දෙන්නා වූ ආදර්ශය ඉතා උතුම්ය.

අපේ කතාන්දරයේ කතා නායක වන බද්දේගම ගනිසගේ ශාන්ත මේ වන විට 61 වන වියේ පසුවේ. හෙතම රෝමානු කතෝලිකියෙකි. මම සේවය කළේ ගාල්ල කරාපිටි රෝහලේ උපස්ථායක තනතුරක්. මේවන විට මම ඉන් ඉවත්ව විශ්‍රාමිකවයි කටයුතු කරන්නේ. මට මතක හැටියට වසර 41ක් පුරාම මම මේ අපේ පන්සලේ මේ පවිත්‍රකටයුතු සිදුකරනවා.කටවත් බයට හෝ ලකණු දමා ගන්න හෝ පිං සිදුවන්වා කියන කතාවලට නොවෙයි. මට එය අපේ ආගමින් හෝ අපේ ආගමික නායකයන්ගෙන් හෝ කිසිදු දිනක ගැරහුමකට හෝ එපාය කියන්නට තරම් හෝ එය වැරදිය කියාල නෑ. මට මතකයි මට වයස අවුරුදු විස්සක් කාලයේ සිට තතමයි. මේ කටයුත්ත සිදු කරන්නේ.දැන් වසර 41ක් පමණ වෙනවා. අදත් හෙටත් මම මේ කටයුත්ත සිදු කරනවා.

අපේ ආගම රෝමානු කතෝලික කිතුදහම – නව ගිවිසුමේ සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, ජේසුස් වහන්සේගේ ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්‍ද්‍ර ගත වූ, ඒක දේව වාදී ආගමකි, කිතු දහම කියලා කියන්නේ. ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු කතෝලික භක්තිකයන් අප විශ්වාස කරනවා.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස අපි එතුමන්ව හඳුන්වනවා. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම රෝමානු කතෝලික දහම යි. අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු රෝමානු කතෝලික දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාව වෙනවා.අපේ ශ්‍රී ලංකාවට රෝමානු කතෝලික දහම දායාදවූයේ 1505දී සිදු කල පරංගි ආක්‍රමණයෙන් පසුවයි කියලා තමයි කියවෙන්නේ.

පන්සලේ හාමුදුරුවෝ වේලේවත්තේ සේතබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවෝ විමලචන්ද්‍ර හිමියන්ද කවදාවත්ම මම මේ සිදුකරන මෙහෙවරට හරස් කැපුවේ නෑ. උන් වහන්සේ මට ආශිර්වාද කරනවා. එය ඇත්ගේ ආගම කුමක් වුවත් නිතරම පන්සලේ කටයුතු කරගෙන පන්සල පවිත්‍ර කරගෙන අක්කර ගණනාවක පුරා ඇති පන්සල් වත්ත සුද්ධ කරගෙන නිවාඩුවට විවේකය තිබෙන අවස්ථාවට සිදුකරන මේහෙය අගය කරනවාය කිව්වා.

මම මගේ බිරිද ද මෙයට සහයෝගයක් දක්වනවා. එයාවත් කවදාවත් කියලා නෑ. මෙය කරන්න එපා. පන්ල අපේ නොවෙයිනේ. අපි වෙනත් ආගමකනේ. ඒ නිසා මෙය සිදුකරන්න එපාය කියලා. මගේ බිරිද ද ගාල්ල කරාපිටිය රෝහලේ උපස්ථායිකාවක්. මාලනි පද්මලතා ඇය ද දැන් විශ්‍රාම සුවෙන් තමයි සිටින්නේ. ඇයද මට සහයෝගයක් දෙනවා.මගේ දියණියන් දෙදෙනා එක් අයෙක් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන්නේ. අනෙක් දියණිය තවම ගෙදරයි ඉන්නේ. ඇය වැඩිදුර අධ්‍යාපනය ලබනවා. ඒ අයත් මට මේ පන්සලේ සිදු කරන කටයුතු වලට අපි අන්‍ය ආගමකය කියලා එපාය කියන්නේ නෑ.

මම කිසිදු දවසක කැතක් උදැල්ක් අරගෙන මේ පන්සල් භූමියට එන්නේ නෑ. මම එන්නේ තනියම නිදහස් විවේක අවස්ථාවල දී පන්සල් බිමේ සියලුම තණකොළ මා උගුල්ලන්නේ මගේ අත්දෙකේ ඇගිවලින්. පන්සල් භූමිය අගෙට පිරිසිදුව තියා ගන්වා.වැටක ගහක අත්තක් ඉත්තක් උනත් අතින්ම කඩන්න තමයි මම කටයුතු කරන්නේ.බැරිම උනොත් තමයි මම පිහියක් කැත්තක් භාවිතා කරන්නේ. මට මේක කරන විට අමතර ශක්තියක් උනන්දුවක් සතුටක් නිදහසක් ලැබෙනවා වාගේ තමයි මට දැනෙන්නේ පෙන්නේ.

මම පන්සලේ වැලි මළුව අතුපතු ගානවා. බෝගහ තියන ස්ථානයේ බෝ කොළ කිසිදු දිනක ම කොස්සකින් හෝ ඉඳලකින් අතු ගාන්නේ නෑ. අතින්මයි මේවා සිදු කරන්නේ මට ඇහෙනවා බෝකොල කතා කරනවා. ඒ අය මටත් කතා කරනවා වාගේ දැනෙනවා. සිළි සිළි ගා ඒ අය මොනවා දෝ කතා කරනවා. ඝංඨා නාදය හරි මිහිරියි. සිතට නිදහසක් නිම්නාදයක් වාගේ ඇගෙනා. එය කරච්චලයක් හෝ අවහිරයක් හෝ වෙන්නේ නෑ. මම ඉතිං මාගේ ආගමද නිරතුරුවම අදහනවා. ඒ අනුවයි මම මේ විහාරස්ථානය පවිත්‍ර කරගෙන කටයුතු කරන්නේ. මේක වහල් වැඩක් හෝ මදි පුංචිකමක් හෝ නො‍වෙයි මම මේය සතුටිත් තමයි සිදු කරන්නේ.

වේලේවත්තේ සේතබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක විමලචන්ද්‍ර හිමියන් මෙසේ පැවසුහ.

ශාන්ත නමට උපන් පිංවත් අයෙක් ඒ ඇත්තෝ මේය සිදුකරන්නේ කවුරුවත් කියන නිසා හෝ ජනප්‍රිය  හෝ පිං සිදුවනවා කියන එක නිසා නොවෙයි. කැමැත්තෙන්ම සිදුකනවා. මම ගැන අපේ පන්සල ගන ද සොයා බලනවා. දානයක් වැරදුනොත් ඉක්මනිම් ඒ දානමය කටයුතු ද සිදු කරදෙන්න ලෑස්තිකරලා දේනට ශාන්ත හා බිරිද දූවරුන් කටයුතු කරන්න තරම් මේ ශාන්ත මහත්මයා දක්ෂයෙක් කරුණානාවත්ත අයෙක්.අ‍අන්‍ය ආගම්ක හිමිනමකට කතෝලික ආගමික ඇත්තෙක් දානයක් දුන්නාම පිරිකරක්  ගිලන් පසක් දුන්නාම පව් සිදුවන්නේ හෝ වැරදිය කියාලා කියන්න කිසිදු මිනිසකුට හෝ ආගමික නායකයෙකුට ද කියන්න බෑ.

අපේ විහාරස්ථානය වසර 160කට ආසන් ඉතිහාසයක් තියනවා.නුවර යුගයේ චිතු තමයි තියෙන්නේ.මහා ගල් කණු , මහා පිං තාලියක්, ගල්විලින් සකස්කරන ලද ජනෙල් උළුවහු,මහා බල්ක,  දොරවල්,සහිත  මහා බලගත විහාරස්ථානයක්. මෙහි මහා හාස්කම් තියනවා. මේ වාගේ අනුහස් නිසා මේ විහාරස්ථානයේ මහා බලයක් තියන නිසා විවිධ පිරිස් සතර පේරුවේ දායක දායිකාවෝ එනවා.ඒ අයට සහන සැලසෙනවා. සහයෝගය දක්වනවා.ගාල්ල. අම්පිටි, ලැන්දෑව,ඉසුරු ප්‍රදෙස, කලේගාන, බෝපේ ආදි ගම්මානවල ජනතාව තමයි පන්සල සමඟ විහරස්ථානය සමඟ සම්බන්ධතා පවත්වන්නේ.

මේ ශාන්ත මහත්යාද මම දන්නා කාලයේ සිට තමයි මේ පන්සලට ලෙංගතුව කටයුතු කරන්නේ එතුමා රෝමානු කතෝලික. ආගම. දහමට, ජාතියක්, කුලයක් වෙනත් ආගමක කියලා නෑ. බුදු හැමුදුරුවෝත් එහෙම දේශනා කර තියනවා. අනෙක් ආගම්වලද සමය සමගිය සහජීවනය එකමුතු කම සංහිඳියාව අගය කරනවා. මේ ශාන්ත මහත්තයා මේ ඇත්තෝ සිදුකරන මෙහෙවර ඉතාම අගය කරනවා.

මුදල් වටේ වැට ගහන සමාජයක, ජාතින් අතර ආගම් අතර කුලමල, දේශපාන පක්ෂ, ආගම්ක, නායකයන්ද සමහර දෙනා වැට ගහනවා. අන්න අන්න අපේ දේවල්. මෙන්න මෙන්න අ‍පේ දේවල් අපි තමයි උසස් අපිත් ලොකුයි. අරයලා පොඩියි. සුළු පිරිසක් කියලා. අපි එහෙම හිතන්න උවමනාවක් නෑ. සමගියෙන් සාමදානයෙන්, ඡීවත් වෙන්න කාලය තමයි කියලා කියන්න තියෙන්නේ. මේ ශාන්ත වාගේ තවත් අය මේ රටේ ලෝකයේ ඉන්වා. මේ ඇත්තන් වැනි තව පිරිසක් මේ රටේ මේ සමාජයේ ආගම් බේදයෙන් තොරව බිහිවනවා නම් අපි ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ තමයි දියුණු රටක් කියලා කියන්න හැකියි. එවිට තමයි ලෝකෙන් උතම් රට ලංකාව ලංකාදිපය කියලා කියන්න හැකි යැයි උන් වහන්සේ කීවේය.

රෝමයන් ගොඩනැඟූ ආගම කතෝලික හෙවත් රෝමානු කතෝලික නමින් හැඳින්වෙයි. කතෝලික යන්නෙහි තේරුම සමස්‌තය යන්න ය. සියලු මිනිසුන්ගේ ගැලවීම/විමුක්තිය උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත එකම, ශුද්ධවූ, කතෝලික හා අපෝස්තලික සභාව, තම සභාව ලෙස ශුද්ධවූ සභාව උගන්වයි. රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයාවන පේදුරු තුමා දක්වා දිවයයි. “කතෝලික සභාව” යන පදය ප්‍රථම වරට භාවිත වූයේ අන්තියෝක්හි ඉග්නේෂස් (Ignatius) තුමාගේ ලිපියකයවූ අතර, සමාන තත්ත්වයේ පුද්ගලයන් අතර මූලිකයා තරාතිරමවත් (‘first among equals’ status) මුල්කාලයේ සිටම රෝමයේ පාප්තුමාට (See of Rome) හිමිවූ බව දක්වන සඳහන් කිහිපයක්ම අපට කතෝලික ලේඛකයන් පෙන්නුම් කර දෙති. මේ සියල්ලම අපේ ගාල්ලේ ශාන්ත මහතා අකුරටම සිදුකරන අතර එය සතතකින්ම ප්‍රා යෝගික  කියාන්විතයක් නොවන්නේ ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *