දෙපා වාරු නැති දෙමව් පියන්ගේ ඔලිම්පික් සිහිනය

ලංකාවේ නවතම උස පැනීමේ ශුරයා

ජීවිතය යනු අභියෝගයකි  එම අභියෝග හමුවේ නොසැලී සිටිමින් ඉන්ද්‍රකීලයක්සේ එම අභියෝග පරයා තම ඉලක්කය වෙත යාමට යමෙකුගේ උත්සාහ  කිරීමට. අපේ සමාජය කියන්නේ දෛවයට අභියෝග කිරීමක් ලෙසය. ඔව් මේ දෙපා වාරු නැති දෙමව් පියන් ගේ එකම පුතා රටක් ජයගෙන ජාත්‍යන්තරය අතික්‍රමණය කිරීමට දරණ උත්සාහය සැබවින්ම එම අභියෝග ජයගත් විශිෂ්ඨ ක්‍රියාවකි.

දැනට අපේ රටෙන් තුරන් කර ඇති පෝලියෝ රෝගයෙන් පෙලෙන දෙමව් පියන් දෙදෙනෙකු බිහිකළ දරුවෙකු ක්‍රීඩාවෙන් රටක් දිනා ජාත්‍යන්තරය දිනාගැනීමට යන ගමනට ශ්‍රී ලංකික අපි ආශීර්වාද පතමු.මේ කථානායකයා අන්කවරෙකුත් නොව මීගමුව මාරිස්ට්‍රෙලා විද්‍යාලයෙන් බිහිවූ ලංකාවේ නවතම උස පැනීමේ ශුරයා වන උෂාන් තිවංක පෙරේරාය. වස අවු 19 වන මේ නව යෞවනයාගේ හැකියාවන් ඉදිරිට දැකබලා ගත හැක.

මී 2.20 උසක් පනිමින් පසුගිය දේශීය ක්‍රීඩා තරගයක වාර්තාවක් සමගින් ජයගත් ෂෙහාන් ගේ එකම බලාපොරොත්තුව ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජනය ලබාගැනීමත් ශ්‍රී ලංකාවට පදක්කමක බලාපොරොත්තුව ඇතිකිරීමත් එය යථාර්තයක් කිරීමත්ය. ඔහුගේ ඒ ගමනට අපි සියළු ආශීර්වාද කරන්නෙමු.මහත් අභියෝගයන් මැද දෙපා වාරු නැති දෙමවු පියන් තම දරුවා මෙවන් තත්වයකට රැගෙන ඒමට දැරූ උත්සාහය ප්‍රසංසනීය ය.

දෙපා වාරු ඇති මිනිසුන් ලෝකයට කදුළු පෙන්වා අනුකම්පාව ලබාගන්නට උත්සාහ දරණ සමාජයක මොවුන්ගේ දෑසේ කදුළු ලෝකයට නොපෙන්වා සිටීමට තරම් හිත දැඩි වී ඇත.එමෙන්ම තම දෙමව් පියන් ලෝකයෙන් සගවා තම ගමන යන දරුවන් සිටින යුගයක තම අබාධිත දෙමව් පියන් ගැන ආඩම්බරයෙන් කථාකරන මෙවන් පුතුන් රටට ලෝකයට ආදර්ශයක් නොවන්නේද උෂාන් ඔබ සැබවින්ම අගය කලයුතු තරුවකි කටුකොහොලින් පිරුණු ඒ අතීතයයට අභියෝග කල දෙමව් පියන්ටත් ශ්‍රී ලංකික අපටත් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාදෙන්නට ඔබට හැකිවේවා !!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *