මෙවන් යුග පුරුෂයින් යළි කිසිදා බිහි නොවනු ඇත

දැන් දැන් යුග පුරුෂයින් බිහි නොවන්නේ ඇයි..

රට යළිත් මැතිවරණ උණුසුමට ලක් වෙද්දී බොහෝ දෙනා දෙනා කථා කරනක්නේ මෙරට ජනතාව ඉදිරියේ කාර්ඩ්බෝර්ඩ් වීරයින් වීමට
අර අදින මෙගා කෙල්ලන් සහ කොල්ලන් නැතහොත් මෙගා තරු ගැනය.මේ සිය`ථ දෙනා වලි කන්නනේ ජනතාවට උපරීම සේවයත්
කිරීමටය.තමා නියලෙන ක්ෂේත්‍රය හැරුණ විට අනෙක් සියල්ල මේ සිය`ථ දෙනාට හොදටම පු`ථවන් බව රටම දනියි.
කෙතරම් තරු බිහිවුනද, දේශපාලන පුත්‍රයින් පහළ වුවුද මෙයට දශක පහකට පෙර අතීතයේදී පැවැති සශී්‍රකත්වය සාරය රටෙන් පළා
යමින් පවතියි. ලෝකයෙන් පළා යමින් පවතියි.

අප මීට වසර විසි පහකට තිහකට පෙර පාසැල් යන කාලයේදී උගත් විද්‍යා දැනුම, පයිතගරස් ප්‍රමේයන්,කෙප්ලර් නියමයන් , ඩෝලටන්
වාදයන් , දේශපාලන හෝ ආර්ථීක විද්‍යාත්මක සිද්ධාන්තමය අපගේ දරුවන ්ඉගෙන ගන්නේ. ලෝකය එසේනම් එක තැනම කර
කැවෙන්නේද පරිණාමය නතරවී ආපසු ගමන් කරන්නේද…මේ සියල්ල ගැන ඉතා ගැඹුරින් සිතා බැලීමට මේ උචිතම කාලයයි.

අප සිතා සිටින්නේ අප ජීවත් වන්නේ තාක්ෂණය දිනපතා දියුණු වන යුගයක බවයි. අප අතීතයට වඩා බොහෝ දියුණු වී ඇතැයි උදම්
අනති. නමුත් ඉතිහාසය පෙන්වන්නේ අප අදට වඩා සශී්‍රක විද්‍යාත්මක දියුණූවක මෙයට සියවස් ගනනකට පෙර ජීවත් වූ බවයි.
මේ බව සනාථ කරන සාක්ෂි අපේ රටේ ඉතිහාසයේ අපමණ සොයාගත හැකිය.පරාක්‍රම සමූද්‍රය, සීගිරිය, අවුකන, ලෝවාමහාපාය,
රුවන්වැලි සෑය, ආදි පුදුම උපදවන නිපදවන නිර්මාණ කෙතරම් තාක්ෂණ දියුණුවක ජීවත් වුවුද වර්තමානයේදී පහසුවෙන් නිපදවීමට හැකි
වී නැත.ලෝක ඉතිහාසයේ ලොව මහා පුදුම, ඊජිප්තුවේ පිරමීඩ ආදියනැවත ලොව බිහිවන්නේ නැත.එසේ නම් නව ලොව විද්‍යාත්මක සහ
තාක්ෂණික දියුණුව ගැන පවසන අපට එතරම්ම උදම් ඇනිය හැකි දැයි සාධාරණ සැකයක් මතුවෙයි.

මානව ඉතිහාසයපුරා එවැනි උදාහරණ රැසක් සොයා ගත හැකිය.අතීතයේදී එනම් 15 වන සියවසේදී චීන නාවුක හමුදාව සතුවූ ඇතැම්
යාත්‍රා වර්තමානයේදී පවතින අතිවීශාල ගුවන් යානා වලටද වඩා විශාලත්වයක් දරා ඇත.කාලය ගතවීම සම`ග එම අපූර්ව තාක්ෂණය
චීනයෙන් වියැකී ගොස් ඇත.18 වන සියවසේදී පමණ රෝමයේ පොම්පෙයි නුවර ආශි්‍රත කැනීම් වලදීද හෙළිවි ඇත්තේ අප අද භුක්ති
විදිනවාට වඩා දියුණූ ශීෂAටාචාරයක් අතීතයේදී පැවැති බවයි.

ජෛව පරිණාමය

ඊජිප්තු පිරමීඩ වල ඉදිකිරීම් රහස් අදටද හෙළි වී නැත.දකුණු අප්‍රිකාව ආශ්‍රිත අධ්‍යයන වලින් හෙලි වී ඇත්තේ මීට වසර
60000 පමණ පෙරදී දී අදට වඩා දියුණු ආයුධ භාවිතා කර ඇති බවය.එහෙත් එම කාල වකවානුව ගතවූ පසුව
සංකීර්ණ ආයුධ වලින් සරල ආයුධ නිපදව්ම
ආරම්භ වෙයි.එයට හේතුව මෙතෙක් පැහැදිලි නැත.

අප සාමාන්‍යයෙන් විශ්වාස කරනුයේගල් යුගයේ සිට වර්තමානය දක්වා තාක්ෂණික විප්ලවය සාමාන්‍ය වේගයෙන් සිදුවී ඉන්පසුව
වර්තමානය වන විට එය ඉතා වේගයෙන් සිදුවන බවයි. මේ අනුව පෙනෙන්නේ අපට වඩා හොඳ නිර්මාණ රැසක් අතහැර දමා නව
සරල නිර්මාණ වෙතට යොමු වී ඇති බවයි.

ජෛව පරිණාමය

වර්තමානය වන විට විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කාලගුණ වෙනස් වීම්, ජනගහනය
ඉහළ යාම,නව ආසාධිත රෝග පාලනය, ආදිය කෙරෙහිය. විද්‍යාව සහ තාක්ෂණය දියුණු වුවද, මෙය අප බලාපොරෝත්තු වන වඩා දියුණු තලයකට මුවහත් කිරීමක් සිදු වන්නේ නැත.

කෙසේ වුවත් මානව ඉතිහාසය පුරා තාක්ෂණයසියුම් ලෙස විකසනය වූ අන්දම අධ්‍යයනය ඉතා වැදගත් ය.මෙමගින් තාක්ෂණ දියුණුව
මිනිසාට ලබා දුන් දායාදය හා ලබා නොදුන් දායාද ගැන අවබෝධයක් ලැඛෙයි.එසේම විද්‍යාත්මක දුියුණුව වර්තමානයේ සිට අනාගතය දක්වා විකසනය වන ආකාරයත් ගැන අවබෝධයක් ලබා ගත හැකිය.

මානව පරිණාමයේ දුියුණුවේ ගමන්මගසොයා ගැනීමේ දී මතු වන ප්‍රධාන ගැටළුව ගල් යුගයේ මානවයා ඉතා අඩු නිර්මාණශිලීත්වයක් ඇති
සංකීර්ණතාවයෙන් අඩු ආයුධ ප්‍රමාණයක් ගොඩනැගුනේ ඇයි ද යන්නයි. දැනට සොයාගෙන ඇති පැරණිම ගල් ආයුධය මෙයට වසර මිලියන 2.6 ක් පමණ වන අතර, මෙය වර්තමාන ඉතියෝපියාව ආශ්‍රිතව සොයාගෙන ඇත.

ජෛව පරිණාමය

අමු ද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මෙම යුගයේ දීය. මෙය වඩා සාර්ථක තත්ත්්වයට පත්වූයේ තවත් වසර මිලියන 02 ක් පමණ ගත වූ පසුවය.අත් පොරව බිහිවූයේ එම යුගයේදීය. මේ අන්දමට මිනිස් ඉතිහාසය ආරම්භයේ දී ඉතාම මණ්දගාමී ලෙස තාක්ෂණ
විප්ලවය සිදුවූයේ මිනිසාගේ මානසික හැකියාවන්ද මෙම යුගයේ දී අවම මට්ටමක පැවති නිසා බව විද්‍යාඥ මතයයි.

පරම්පරාවෙන් පරම්පරාවට පැවති ඉගෙන ගැනීමේ හැකියාව අහිමි වූ නිසා අ`ථත් පරම්පරාවට අළුතින් ඉගෙනගෙන නිර්මාණයන්
සිදුකිරීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලය පරම්පරාවෙන් පරම්පරාවට ගති ලඬණ මිශ්‍ර වූ ූ සංස්කෘතයක්් (ක‍මපමක්එසඩැ ජමකඑමරු)ඔවුනට අහිමි විය.

මිනිසා සහ අනෙක් ප්‍රයිමේටාවන්ගෙන් වෙනස් වන ප්‍රධාන ආකාරය මේ ආකාරයට සංස්කෘතික සම්මිශ්‍රණයක් සිදු විය යුතු වීමයි. පරම්පරා ගතව සිදුවන සංස්කෘතික අභිවර්ධනය ප්‍රධාන සාධක ද්විත්වයක් මත රඳා පවතියි.

මින් පළමු වැන්න සමාජීය ඉගෙනීමයි. (ීදජස්ක ඛැ්රබසබටි) ය. නව පරම්පරාවක සාමාජිකයින්ට දැනුම සම්ප්‍රේෂණය මෙහිදී සිදුවෙයි.
දෙවැන්න (දඩැරෂපසඒඑසදබ) හෙවත් පරම්පරාවක ගතිගුණ ඉගෙන ගැනීම හා අනුකරණයයි. මේ නිසා ගති ලඬණ තවත් පරම්පරාවකට පරිවහනය සිදුවෙයි.

මේ අන්දමට පරම්පරාවෙන් පරම්පරාවට සංස්කෘතික ගතිලක්ෂණ එකතු වීම මීට වසර
100 000 පමණ පෙර ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.ඊට පෙර එවැන්නක් සිදු නොවන්නට ඇත. එහෙත් මේ මතයට අභියෝග කරන විශාල පිරිසක්ද සිටිති.

ජෛව පරිණාමය

ජෛව පරිණාමය සිදුවන්නේ ජාන පදනම් වල සිදුවන විවිධ විකෘතිතා නිසාය.නව නිර්මාණ බිහිව්නනේද ඒ අන්දමටමය.ඔ්නෑ කමින් හෝ
වරදක් නිවැරදි කිරීමට උත්සාහ දැරීම නව නිර්මාණයකට මග පාදයි.එහෙත් ඇතැම් නිර්මාණ සිතු සිතු පරිදි වෙනස් කල
නොහැක. නිදසුනක් වශයෙන් අත් පොරය පෙන්වා දිය හැකිය. අත් පොරවෙන් සිදු කරන කාර්යයයන් සාර්ථකව එය ඉටු කරන තුරු එහි හැඩය එකවර වෙනස් කිරීමට කිසිවකුට හෝ අවශ්‍ය නැත.

ගල් යුගය තුළදී නිර්මාණශීලීතාව වඩා ඉස්මතු නොවීමට හේතුද විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගල් යුගයේ මීට වසර මිලියන 02 කට පෙර ජීවත් වූ වැසියන් තැනින් තැනට ගමන් කරන (සඑසබැර්බඑ ේපසකහ)දඩයම් කරන මිනිසුන් වූහ. එහෙත් මෙහි එක් කණAඩායමක වාසය
කරනු ලැබූ 20,40 අතර මිනිසුන් ප්‍රමාණයකි.මෙයට කුඩා දරුවන් ද එකතු වූහ. මේ අන්දමට කුඩා කණුඩායම් වශයෙන් ජීවත් වීම නිසා
ඉතා සුළු අවස්ථාවක දී ඔවුන් වඳවී යාමේ අවධානමක් දැරිය.
විශේෂයෙන් මෙවැනි කණ්ඩායමක ප්‍රධාන දඩයක්කරු අසනීප වීම හෝ තුවාල වීම හෝ පාරිසරික තත්වයන් වෙනස්වීම මත කුඩා කණ්ඩායම් වඳවී යාම වේගවත් වෙයි. මේ නිසා මෙවැනි කුඩා කණ්ඩායම් ඉක්මණින්ම වඳ වූ වේගය ඔවුන් නිර්මාණය කළ ආයුධය ද වඳ වී අභාවයට යන්නට ඇත.

තාක්ෂණ දියුණුවහි ආර්ම්භය ගල් යුගයේ දී සිදුවුවද ඒ සමඟම ඊළඟ අවස්ථාවේ දී මෙය අභාවයට යෑමද සිදු වී ඇත.
ගල් යුගයේ දී නව
ආකාරයේ ආයුධ බිහිවීමත් සිදුවූයේ නම් ඒ සඳහා සාඬි ලබා ගන්නනේ කොතනින් දැයි විමසිය යුතුව ඇත. පුරා විද්‍යාත්මක වශයෙන් මේ සඳහා ස්ථීර පැහැදිලි සාඬි ලබා ගැනීමට දුෂ්කරය. උතුරු ඇමරිකාව ආශ්‍රිතව සිදු කළ අධ්‍යයනයකට අනුව වලින් මීට වසර 10000 වඩා පැරණි ආයුධ, කළ ගෙඩි හා අනෙක් කොටස් හමු වී ඇත.

ජෛව පරිණාමය

දියුණු තාක්ෂණයක් ඇති වී නැති වී යාමට විවිධ හේතුන් බලපානු ලැබේ. නිදසුනක් වශයෙන් ඕස්ටේ්‍රලියානු තස්මේනියන් දූපත දැක්විය හැකිය. මීට වසර 12000 පෙර මුහුදු මට්ටම ඉහළ යාම සහ උෂ්ණත්වයේ ඉහළ යාම හමුවේ තස්මේනියාව ඕස්ටේ්‍රලියානු ප්‍රධාන
මහද්වීයෙන් වෙන්විය.මේ නිසා තස්මේනියානු වැසියෝ තම දූපතට සීමා වහ.ූඑම කාලයේදී ඔවූහූ උණූසුමට ඔරෝත්තු දෙනඇද`ම් ,මා`ථ දැල්, බුමරංග,හෙල්ලය ආදිය නිපදවනු ලැබූහ.නමුත් පසුකාලීනව යුරෝපා ජාතිකයින් තස්මේනියාවට පැමිණෙන විට මේ සියල්ල
නැතිවී ගොස් තිබුණි.එහිදී තස්මේනියානු වැසියන් ඉතා සරල ආයුධ භාවිතා කරමින් සිට ඇත.අඩු ජනගහන ඝනත්වය සහ බාහිර පරිසරය සම`ග වූ සබ`දතාව අඩුවීම මෙසේ දියුණූ තාක්ෂණය අහිමි වීම ප්‍රධාන හේතුව වී ඇත.

කෙසේ වුවුද මේ අන්දමට දුියුණු තාක්ෂණ ඇතිවී නැතිවීමට බලපාන ලද තවත් හේතු කිහිපයක් හ`දුනාගෙන ඇත.වෙළ`ද පොළ බලපෑම,
සමාජ සාධක, හෝ දේශපාලන බලපෑම්ද මේ කෙරෙහි බලපා ඇත.ඇතැම් තාක්ෂණික මෙවලම් නව අත්හදා බැලීම් වලට ලක් නොවෙයි.මෙයට හේතුව ඒ ස`දහා වන වියදම ඉහළ යාමයි.ජනතාව දැනට භාවිතා කරන ඇතැම් මෙවලම් ඒවායේ සු`ථ සු`ථ අඩු පාඩු පැවතියද එකවර ඉවත දැමීමට ජනතාව අකමැතිය.කෙතරම් නවීනතම විදුලි ස්ති්‍රක්ක වර්ග පැවතියද ඇතමුන් තවමත් කැමති අ`ගුරු ස්ති්‍රක්කයටය.

ජෛව පරිණාමය

වර්තමානයේදී අප තවමත් අපේ පාසැල් වලදී ඉගෙන ගන්නේ මීට සියවස් හතරකට පමන පෙර කාලයේදී සොයාගත් විවිධ න්‍යායන්, නියමයන්, ප්‍රමේයන් ආදියයි.එනම් අලූතින් විවිධ ගණිත හෝ විද්‍යාත්මක නියමයන් බිහි නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.මෙයට කදිම නිදසුනක් නොඛෙල් ත්‍යාගය ආශී්‍රතව පෙන්වා දී ඇත.1900 සියවස වන විට නොඛෙල් ත්‍යාගය දිනූ බොහෝ දෙනෙකු වයස අවුරුදු 32 පමන වූ අතර 2000 වන විට ත්‍යාගය දිනා ගන්නා අයගේ වයස අවුරුදු 38 පමණ වී ඇත.එසේම ගෙවුන වසර 100 කාල පරිච්ෙජ්දයේදී නව නිර්මාණ බිහිවීමද කැපී පෙනෙන ලෙස අඩු වී ඇත.

තාක්ෂණය කෙතරම් දියුණූ වුවුද අදාළ ක්ෂේත්‍රයේ පසු වන්නන්ගේ ඒ සම්බන්ධ විෂයාණුකූල දැනුම අඩු වීමද සිඝ්‍රයේන් සිදුව තිබේ.නිදසුනක් වශයේන් නවීනතම මෝටර් රථ කර්මාන්ත ශෘලාවක සේවය කරන තරුණයකුට හැකිවන්නේ තමන් ට පැවරුණ එකලස් කිරීමේ කාර්යය මිස මෝටර් රථයක්ම නිපදවීම නොවේ.මෝටර් රථ නිපදවන බොහෝ දෙනෙකුට එහි කි්‍රයාකාරීත්වය ගැන අවබෝධයක්ද නැත.එම නිසා විද්‍යාව දියුණුයයි ඒ පසුපස යෑම වෙනුවට නව ලොවක් ගැන සිතීමට බොහෝ දේ ඉතිරිව තිඛෙයි.අප තවමත් පටන් ගත් තැනම බව සිතෙන්නේ එවිටය.

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *