පොහොට්ටුවේ මැයි රැළිය ලබන 7 වෙනිදා ගාල්ලේදී.

පෙළපාලිය සවස 1.00ට ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සැමරුම මෙම මස 7 වෙනිදා ගාල්ල සමණල ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කොට තිබෙනවා.ඔවුන් පසුගිය වසරේ කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී අතිවිශාල ජන සහභාගීත්වයකින් යුත් රැළියක් පැවැත්වුවා. මෙවරද ගාලු මුවදොර ක්‍රීඩාංගනය ඉල්ලා සිටියද නොලැබුණු බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබුනේ.

මෙවර මැයි දින සැමරුම වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන්,දිගින් දිගටම එම අයිතිවාසිකම් අහිමි කරන වත්මන් රජයට එරෙහිව යොදා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි සැමරුමේ සංවිධාන කටයුතු වල යෙදී සිටින දකුණු පළාත්සභා මන්ත්‍රී සිසිර කුමාරරත්න මහතා ප්‍රකාශ කරනවා.ඉතිසසයේ දැවැන්තම මැයි රැළිය මෙවර ගාල්ලේදී පවත්වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *