අලුත් කැබිනට්ටුව මැයි පළවෙනිදා // ජනපති බදුල්ලේදී කියයි

ජනපති හා අගමැති අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රීලනිප හා එජාපය අතර නව අවබෝධතා ගිවිසුමකින් ජාතික ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් දැනට ඒ පිලිබදව නිළ වශයෙන් යහපාලන රජයේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් ජනපති හා අගමැති අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ය ඒඅනුව අදාළ අවබෝධතා ගිවිසුම මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළ එය අත්සන් කිරීමෙන් පසු නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන බවට වාර්තා පළවීමෙන් අනතුරුව ඊයේ දිනයේදී ජනාධිපති වරයා කියා සිටියේ එළබෙන ලෝක කම්කරු දිනයදා අලුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බවයි

රංගිරි දඹුල්ල රජමහා විහාර  හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර  අඹගස්වැවේ රාහුල ස්වාමීන් වහන්සේට සියම් මහා නිකාය අස්ගිරි පාර්ශ්වයේ  මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක ධූරය  සඳහා වූ  සන්නස් පත්‍රය පිළිගැන්වීමේ  උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා සංඝයා වහන්සේලා අනුශාසනා කතාවේදී ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරමින් කියා සිටියේ රංගිරි දඹුලු රජමහ විහාරස්ථානයේ සිතුවම් මෙන්ම සංරක්ෂණ කටයුතු ඇනහිටීම නිසා බරපතල ප්‍රශ්න රැසක් මතුව ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවේදී ඒ බව මතක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ බොහෝදුරට භික්ෂූන් වහන්සේලාට සිතුම් පැතුම් ඉටුවන යුගයක් සූදානම් කොට ඇති බවයි.

ඒ පිළිබඳව දහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
 අපේ ගෞරවනීය ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ ගේ අනුශාසනාව තුල කරුණු කිහිපයක් පැහැදිලි කළා. අපේ හාමුදුරුවනේ මම හිතනවා ඔබ වහන්සේ සඳහන් කළ කරුණු බොහෝ වෙලාවට නිරාකරණය වෙලා. තව දින දෙකකින් තුනකින් ඔබ වහන්සේලාට කරදරයක් නොමැතිව මේ කටයුතු කරන්න පුළුවන් ඇමතිවරයෙක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
 
ඒ   ගැන මම විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කරනවා. ඒ මොකද ලෝක කම්කරු දිනය මැයි දිනය උදෑසන පත්වෙන රජය අලුත් ඇමති මණ්ඩලය තුළ ඔබ වහන්සේලාගේ ප්‍රශ්නය මම විසඳලා තියෙනවා කියල බොහොම ගෞරව පූර්ව මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *