විශේෂ පුවත් ක්‍රීඩා ජාතික ක්‍රීඩාවට කැපවුණු ජාතියේ මිනිසුන් April 22, 2018 Admin 01 0 Comments එල්ලේ ක්‍රීඩාවේ සල්ලි ගස සොලවන තරගාවලියක් මෙරට ජාතික ක්‍රීඩාව ලෙසින් එල්ලේ ක්‍රීඩාවට දිනෙන් දින අත්වන ශෝකජනක තත්වය යම්තරමකට හෝ අකා මකා දමන්නට මේ දරණ උත්සාහය ප්‍රසංසනීය බව කිව යුතුය එල්ලේ ක්‍රීඩාවට අසීමිතව ආදරය කල තම පියා සහ හෝදරයා මෙන්ම සහෝදර පුතෙකු සිහිපත්කර වසර ගණනාවක් මෙරට දැවැන්තම එල්ලේ ශුරතා තරගාවලියක් පැවැත්වීමට ජූඩ් පෙරේරා මහතා මෙවරද එම යුතුකම වෙනුවෙන් සුපුරුදු එල්ලේ ශුරතා තරගාවලියක් පවත්වනු ලබයි. මෙරට අති දක්ෂ එල්ලේ කණ්ඩායම් 16 ක් එකිනෙකාට නොදෙවෙනි දස්කම් විස්කම් දක්වමින් මේ දිනවල ජා – ඇළ නගර සභා පිටිය සිසාරා එකම එල්ලේ සැණකෙළියක් බවට පත්කර ඇත. ජාතික එල්ලේ සම්මේලනය ජාතික ශුරතාවය සදහා ලබාදෙන මුදල් ත්‍යාගය අභිබවා ඇති දැවැන්ත මුදල් ත්‍යාග සහ කුසලාන මෙම එල්ලේ තරගාවලියේදී ලබා දීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්නේ ඉතාලියෙන් ආනයනය කරන ලද සුවිශේෂී කුසලාන මේ තරගාවලියේ ජයග්‍රහයකයන්ට ලබාදීමය. මෙවන් එල්ලේ සැණකෙළියක් මෙරට කිසිම ස්ථානයක සංවිධානය වන්නේ ද නැත. තම රටේ ජාතික ක්‍රීඩාවට ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජූඩ් පෙරේරා මහතා ලබාදෙන මේ දායකත්වයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.