නීතිය,දේශපාලනය සහ පාර්ලිමේන්තුව

 රට තුළ සංවාදයට ලක්විය යුතුව තිබුණි

මේ දිනවල රටේ දේශපාලනය තුළ වැඩිපුර කථාවෙන විශ්වාසබංගය නිසා පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට තුඩුදුන් නව අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා දැක්වූ අදහස් සම්බන්ධයෙන් රට තුළ පුළුල් සංවාදයක් විචාරයක් සිදුවිය යුතු වුවද අගමැතිවරයාට එරෙහි විශ්වාසබංගය නිසා එය යටපත්වීම කණගාටු දායකය. මාධ්‍ය ඇල්ලුවේ ද ජනප්‍රිය නාඩිය යයි.එබැවින් රටේ ජනතාවට මේ මොහොතේ වැදගත් අධිකරණයද විශ්වාසබංගය ද ඒ පිලිබදව වෙනම විවාදයක් සිදුවිය යුතුය. රටේ පොදුමහත් ජනතවගේ සිතුවිල්ල දුෂණයෙන් තොර රටක් නිර්මාණය කරගැනීමය .

ඒ සදහා ශක්තිමත් අධිකරණයක් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය වී ඇත ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද විශේෂ අධිකරණ පනත් කෙටුම් පත පිළිබද සමාජ විචාරය මේ දේශපාලනයක් වෙනුවෙන් ගෙනෙන ලද විශ්වාශ බංගය නිසා යටපත් වීම රටේ පොදුමහත් ජනතාවගේ පිළිකුලට භාජනය විය යුතුය. ජනතාවට මේ ආණ්ඩුව අගමැති වරයා ලොකු වැදගත් කමක් නැත එමෙන්ම විශ්වාශ බංගයද වැදගත් නැත ඔවුන්ට අවශය වන්නේ නීතිය ක්‍රියාත්මක වන රටකි.මෙම පනත ගෙන ආ මොහොතේ හිටපු අධිකරණ ඇමති කියා සිටියේ මෙම කෙටුම් පත් තමා අධිකරණ ඇමති වශයෙන් සිටි කාලයේදී ඉදිරිපත්කර නීතිපති දෙපාර්තමේන්තුව තුළදී ප්‍රතික්ෂේප වූ බව සදහන් කරමින් සිදුකල ප්‍රකාශය එදා දින විද්‍යුත් මාධ්‍ය තුලත් පසුදින මුද්‍රිත මාධ්‍ය තුළත් ප්‍රධාන පුවත් බවට පත්වන ලදී .

එහෙත් එදිනම ශේෂ්ඨාධිකරණ යෙදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කලේ විජේදාස රාජපක්ෂ මහතා ඇමතිවරයා වශයෙන් සිටින අවස්ථාවේදී කෙටුම් පතක් ගෙන ආ බවත් එහි අඩුපාඩු තිබූ බවත් මෙවර ඉදිරිපත්කර ඇති මේ කෙටුම්පත එම කෙටුම් පතට හාත්පසින් වෙස් වූ කෙටුම් පතක් බවට ප්‍රකාශ කරණ ලදී. ඒ අනුව මෙරට මාධ්‍ය සියල්ල ප්‍රමුකත්වය ලබාදී තිබූ විජේදාස රාජපක්ෂය මහතාගේ පුවත සදහාය  නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනයය කරමින් ශේෂ්ඨාදිකරන යෙදී කරුණු දැක්වූ යසන්ත කෝදාගොඩ මහතාගේ අදහස සදහා කිසිම ඉඩක් ලබා දී නොතිබුණි.

ඒ තුළ මේ අධිකරණ පනත් කෙටුම්පත සම්බන්ධ සමාජ කතිකාවත වෙනත් මගකට ගියද ජනතා විමුක්ති පෙරමුණ ,නි.අමාත්‍ය රන්ජන් රාමනායක ,රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඇතුළු සිවිල් සමාජයයේ බොහෝ පිරිසක් මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී විශාල හඩක් නගන ලදී .හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ,දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම් පතට විරුද්ධව අදහස් පලකරන ලදී.

කිසිවෙකු වරදක් කර නොමැතිනම් මේ රටේ අධිකරණ පද්ධති තුනක් නොව දහසක් තිබුණද ගැටළුවක් නොමැත. රන්ජන් රාමනායක නි ඇමති වරයා ප්‍රකාශ කරන පරිදි අඹ ගෙඩි තුනට දෙන දඩු වමත් කොටි ප්‍රකෝටි ගණන් සොරකම් කර නීතිය ඉදිරියේ පිරිසිදු කිරීමට සහ පිරිසිදු වීමට දරන උත්සාහයත් යන මේ සියල්ල දෙස අප බලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *