එකම සේවයට පඩි දෙකක් ගෙවන ලෝකයේ එකම රස්සාව ලංකාවේ පමණි

මෙරට රෝහල් වල සේවය සදහා ලක්ෂ සංඛ්‍යත පිරිසක් සේවය කරන අතර එම කාර්ය මණ්ඩලයෙන් වැඩිම පිරිස රෝහල් උපස්ථායකයන්ය මෙරට දේශපාලකයන්ගේ ප්‍රධාන රැකියා උපදන මධස්ථානය සෞඛ්‍ය සේවය වෙති පැවති සෑම රජයකිනම සෞඛ්‍ය අමාත්‍යංශයට අතිවිශාල සේවකයින් පිරිසක් පුරවති එහි කිසිම වරදක් නොමැත එම සේවය අත්‍යවශ්‍ය කටයුත්තකි රෝහලක අත්‍යවශ්‍ය සේවය රෝගී උපස්ථාන සේවය වෙති ඒ සදහා කොතරම් සේවකයින් බදවා ගත්තද ගැටළුවක් නොමැත

එහෙත් එලෙස බදවාගන්නා පිරිසට රජය මගින් කොටි ගණනක් මුදල් පඩි වශයෙන් ගෙවන තත්ත්වක් තුල එම රෝහලේම තවත් පුද්ගලික රෝගී සත්කාර සේවයක් ඇතිකිරීම පුදුම සහගතය මෙවන් තත්වයක් ලෝකයේ කිසිම රෝහල් සේවයක නොමැත එකම රැකියාව වෙනුවෙන් රජය මගින් වැටුපක් ගෙවන තත්වකය එම සේවය වෙනුවෙන් රෝගීන්ට තවත් පුද්ගලික ආයතනයක සේවය ලබාගැනීමට සිදුවීම කණගාටු දායකය රජය මගින් බදවාගෙන සේවයෙන් අනතුරුව වැටුප ලබන සේවකයා තම සේවය රෝගියාට ලබාදෙන්නේනම් තවත් පුද්ගලික උපස්ථාන සේවයක් කුමටද මේ කථාව එම පුද්ගලික උපස්ථාන සේවයේ තත්වය ගැනය

ලංකාවේ සුපිරිතව ලාභදායික රැකියාවන් අතරේ ගත් කළ අලුත්ම රැකියාවකි රෝහල් පෞද්ගලික උපස්ථායක සේවය. මෙය ලංකාවේ දී උපරිම ලාභයක් ඇති රැකියාවකි. සේවාවක් සපයමින් සිදුකළ හැකි මෙම සුපිරිතව රැකියාව මගින් මාසිකව රුපියල් ලක්ෂයක්ට ආසන්න මුදලක් උපයාගත හැකිය.  

මේ අනුව රටපුරා රෝහල් පුද්ගලික උපස්ථායකයින් සේවය අගය කළ යුතුව ඇත. මෙහි දී මෙම අඟයීම එක් අතකට වැදගත්ය.එම ඇඟයීම සිදු කරන්නේ රෝහල් රෝගින්මය. තවත් අතකට එහි ඇති ක්‍රමවේදයද සුවිශේෂ වුවකි. යම් රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් අසළ නැවතී සිටීමට පුද්ගලික උපස්ථායකයන්ගේ සේවය මුදලට ලබා ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිති.මෙය අද වන විට ලංකා සමාජයේ දැකිය හැකි සමාජමය ප්‍රවනතාවයකි. රෝහල් අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම මත මෙම උපස්ථායක ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. එය සත්තකින්ම අසරණ වු රෝගින්ටද රෝගින්ගේ ඥාතින්ටද මහත් අස්වැසිල්ලකි. නමුත්,රජයේ රෝහලක පුද්ගලික උපස්ථායක සේවා පවත්වාගෙන යාමට අවසරයක් නොමැති බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

කෙසේ නමුත්,මෙම උපස්ථායක සේවය සත්තකින්ම සුන්දර රස්සාවකි. එය මාසයකට මෙම සේවාව මගින් රුපියල් ලක්ෂයකට අධික ආදායමක් ලබා ගන්නට හැකිවීම ද විශේෂත්වයකි.රෝගි කාන්තාවක හෝ රෝගි පිරිමියෙකු ඥාතින්ගේ අවසරය ඇතිව උපස්ථානන සේවය කිරිමට පැය 24 දීමනාව රුපියල් 2500 ක් පමණ වේ.මෙහි දී ‍එකම රෝහලේ එකම වාට්ටුවේ රෝගින් දෙ‍දෙනෙකු හෝ තිදෙනෙකු බලා ගන්නට ද සමහර අවස්ථාවල සමහර උපස්ථායකයෝ    කටයුතු කරති. එය රෝගින් පැත්තෙන් ගත් කළ යහපත් සේවාවකි. උපස්ථායක සේවය සපයන්නා වු පුද්ගලයා මෙය සිදුකරන්නේ නිදි වර්ජිතවයි.එය අගය කළ යුතුව ඇත.නමුත් සමහර විට රෝගියාගේ පාර්ශවයේ උපස්ථායකයාගෙන් බලා පොරොත්තුවන සේවය මේ උපස්ථායක පුද්ගලයාට නිසි පරිදි සිදු කළ හැකිද යන්න පිළිබඳව මෙහි දි ඇත්තේ ප්‍රශ්ණයකි.

රෝගින් කිහිපදෙනෙකුට එක් ගැහැණු වැට්ටුවක හෝ පිරිමි වාට්ටුවක සේවය කරන්නට එක් උපස්ථායකයකුට හැකිද යන්න මේ සටහන බලන කියවන අපටද ඔබටද ප්‍රශ්ණයක් වනු ඇත. එය සත්‍යයකි. කෙසේ නමුත්,මේ උපස්ථායකයෝ තම පලපුරුද්ද මත මෙම සේවය උපරිමයෙන්ම තම රෝගියාට ඉටුකරනු සෙයක් දැකිය හැකිය.

කාන්තා වාට්ටුවල කාන්තා උපස්ථායක සේවය ද පිරිම් වාට්ටුවක පිරිමි උපස්ථා සේවයද සිදු කරන්නේ ගැහැණු හා පිරිමි පුද්ගලයෝය. මෙම අය අදාළ රෝහලේ කාර්ය මණ්ඩලය හොදින් හදුනයි. හෙද හෙදියන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද සමහර අවස්ථාවල රෝහලේ වෛද්‍යවරුන්ද මේ උපස්ථායක පිරිමි ගැහැණු මනාව හදුනන පිරිසකි.මේයට අමතරව රෝහල් පොලිසිය ද රෝහල් ආරක්ෂක අංශයට ද මේ රෝහල් උපස්ථායක පිරිසකගේ හිතවතුන් වේ. ඒ අයට වෙලාවක් කාලවක් නැත. රෝහලේ දිවා රෑ රෝහලෙන් පිටව යන්නට එන්නට වෙලාව අවේලාව නොලබා රෝගින්ට අවශ්‍ය වු බාහිරින් ගෙන එන්නට හැකියාවක් ඇති නිසි බලධාරින් වන්නේද මේ පිරිසයි. පෙර කී පරිදි පැය විසි හතරට රුපියල් 2 500 ක් නම් වු මුදලක් අයකර නමුත් එහි යම් කොටසක් යම් අවස්ථාවක මේ රෝහලට එන බාහිරි රෝගින්ට උපස්ථායකයන් සම්බන්ධකර දීම වෙනුවෙන් යම් මුදලක් ගෙවන බවක් දැකිය හැකි නමුත්,ඒ සම්බන්ධයෙන් උපස්ථායක වරු කිසිවක් පවසන්නට මැලිකමක් දැක්වුහ.

මේ උපස්ථායක පිරිස් සිදුකරන මෙහෙවර අධ්‍යනය කිරීමේ දී ඉදුම් හිටුම් කෑම බිම හා නැවැත්න් පහසුකම් ආදි සියල්ලම වාගේ උපස්ථායක පිරිසට නොමිලයේ ලැබේ.නැතිනම් එය ඔවුන් ලබා ගන්නා වු ආකාරයද යස පදමට දැන උගෙනගෙන සිටිති. රජකේ වුවත් ලෙඩෙක් නම් හෙතෙම දැඩි අසිරුවට ලක් වේ.මේ නිසා රෝගිය කුමන චරිතයක් වුව ද රෝගියා ගිලන් ඇඳේ දි හෙතෙම අසරණය.ඒ නිසා උපස්ථායක යා සියලුම අණසක පතුරුවා ගෙන සිටින්නට හැකිය.මේ බව රෝගි උපස්ථායක සේවය වසර ගණනාවක් සිට සිදුකරන පිරිස් අප සමඟ පැවසුහ.

සමහරු රෝහලට ආසන්නයේ කුළි පදනම මත කුළියට කාඹරයක් මිල දී ගෙන එහි නැවති සිට මෙම රෝහල් පෞද්ගලික උපස්ථාන සේවය සිදු කරයි. එය මට දැන් පුරුදුයි මාස ගණනකට පසුව තමයි ගමට යන්නේ. ගම කොහේද ? ගම ද ?  ගම නුවර යැයි ඔහු කීය.නුවර අයියා යැයි රෝහලේ සියලුම දෙනා හදුනන නුවර අයියා කීවේ එවැනි කතාන්දරයකි. හෙතෙම අපට  අමුවුයේ හෝමාගම රෝහල් පරිශ්‍ර යේ දී ය.

ගාල්ලේ කරාපිටියේ සිරාගේ සෙට් එක හරි අපුරු ආකාරයට උපස්ථාන සේවය සිදු කරයි. මේහි දී  දිනපතා හෝ දින කිහිපයකට හෝ සතියකට හෝ රෝහල් උපස්ථායක වරුන් ලබාදෙන්නේ යම් කිසි එක් පුද්ගලයෙකි. හෙතෙම ඒකාධිකාරි පුද්ගලයෙකි. ඔහු යටතේ මෙම සේවය සිදු කරන්ට පිරිසක් බැදී සිටිති. සියයට විස්ක මුලක් ලොක්කා යැයි කියන පුද්ලයාට දෙන්නට සිදු වෙනවා. පැය විසිහතරට රුපියල් 2500 ක් නිසා එම මුදලින් සියයට විස්සක මුදලක් තමයි ලොක්කා අයියාට ගෙවන්න වෙන්නේ කරාපිටියේ කුමාර කීවේ මම කරන රස්සාව තමයි මේක වෙන රස්සාවක් කරන්න වෙන්නේ නෑ ඒ තරමට වැඩ වැඩියි. වැඩ තියනවා.

කොළඹ මහ රෝහලේ පරිශ්‍රෙය් දී අපට හමු වු පෞද්ගලික රෝහල් රෝගිගේ ඥාතියාට අපි විස්වාස නිසා අපේ දුරකථන අංකය අරගෙන යනවා. වෙනත් රෝගියෙක් රෝහලට ඇතුලත් කරනවා නම් පණිවිඩය එවනවා. එය රදා පවතින්නේ රෝගියාගේ හා රෝගියාගේ ඥාතින්ගේ විස්වාසය මතයි. සමහර හොරු ද සමහර අවස්ථාවල මේ සේවයේ යෙදී සිටිනවා. අසරණ අහිංසක රෝගින්ගේ මුදල් දුරකථන හා ආහාර පාන ආදිය හොරකම් කරන අවස්ථාද තියනවා.නමුත් රස්සාවට රෝහල් උපස්ථානය කරන වැඩි පිරිසක් අවංකවම සේවය සිදු කරනවා. සමහර රෝගින් තමාට කළ සේවට මුදල්වලට අමතරව යම් යම් දිමනාවක් මුදලක් පවාදෙන දෙන අවස්ථා තියනවා.සමහරු වැරදි සිදු කළාට වැඩි දෙනෙක් එහෙම කරන්නේ නෑ.කොළඹ රෝහල් පරිශ්‍ර යේ දී අපට හමු වූ  උපස්ථායක සේවයේ යෙදෙන පිරිස් මහතා කීය.

මේ ආකාරයට පෞද්ගලික රෝහල් උපස්ථායක සේවයේ යෙදි සිටින   පිරිස් නිදිය ගන්නට හෝ දින පතා කෑම බිමවලට ද මුදලක් අය වන්නේ නැත. සියල්ලම අදාළ රෝගියාගේ පාර්ශවයෙන් ගත හැකියාවක් තිබේ. රෝහලේ දිනපතා උදය දහවල් රාත්‍රි ආහාර රෝගින්ට දෙන අවස්ථාවල දි මේ උපස්ථායක සේවයේ පුද්ගලයන්ට ද නොමිලයේම ආහාර ගත හැකිය. එයට බාධාවක් නැත.මෙයට අමතරව, වැසිකිළි හා කැසි කිළි පහසුකම් ද නොම්ලයේ ලබාගත හැකිය.ඒ කිසිදු කටයුත්තකට මුදලක් වැය නොවේ. බෝඩීන් ගාස්තුද ඉතිරිවනු ඇත.

මේ සියලුම මේ අපේ කාලයේ රෝහල් උපස්ථායකයන් සිදු කරන්නේ ජීවත් වන්නටය. රෝගියකුගේ කැත කුණු අත ගා හෝ ජීවත්වන්ට හෝ අරගලයක් නිරත දු දරුවන් බිරිද රස්සා කරන්නටය. ගිලනුන්ට උපස්ථාන කිරීම පවා  බුදුන් පවා අගයා ඇත්තේ ප්‍රායෝගික ආකාරයෙකි බව පොත පතෙහි සඳහන් වේ.

මේ නිසා රජවන්නට නොව ජිවත්වන්ට අසරණ රොගින්ට මුදලට හෝ සේවය සිදු කරන සේවාන් ලබාදෙන රෝහල්වල නිල නොලත් පෞද්ගලික උපස්ථාන සේවයේ යෙදෙන රටපුරා රෝහල්වල සේවය කරන් උපස්ථායකවරැන්ගේ කතාන්දරය සුන්දරය රසවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *