උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම් අත්හිටුවයි.
තමන් විසින් සියලුම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලද බව පවසන උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්, න්‍යෂ්ටික පර්යේෂණ ස්ථානයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
“අප්‍රේල් 21 වෙනිදා සිට උතුරු කොරියාව න්‍යෂ්ටික සහ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් නතර කරනු ඇති” බවට උතුරු කොරියාවේ රජයේ පුවත් ඒජන්සිය පසුගියදා නිවේදනය කල අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික හැකියාව නිවැරදි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කර බැලීම අනවශ්‍ය බව කිම් ජෝන්ග් අන් වැඩි දුරටත් සඳහන් කරනවා.
මිසයිල අත්හදාබැලීම් පිළිබඳ ඉහත කී නිවේදනය ප්‍රකාශයට පත් කෙරුනේ උතුරු කොරියාව සිය අසල්වැසි දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡා සඳහා සුදානම් වෙමින් සිටින අතරතුරදීය.උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් ලබන සතියේ හමුවීමට නියමිතය.
උතුරු කොරියානු නායකයෙකු සහ දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු මෙසේ හමුවන්නේ දශකයකට අධික කාලයකට පසුවය.
BBC