ඒ කිව්වේ .. අර ඇලෝ…. ඔව් ඔව් … එයා තමයි…

බීප්…බීප්….බීප්…..  මෙන්න ඩිස්නිලන්තයේ තවත් ….බ්රේකින්ග් නිව්ස් …එකක්…

සල්ලි කියපුවම ඉතිං සමහරුන්ට එලෝ මෙලෝ නැතුව යනවනේ… කෑදර කමට කෑවා වගේ නෙමෙයි දිරවා ගන්න බැරි වුනාම… මේ කතාවත් අන්න ඒ වගේ…. කස්ටිය දන්නවනේ… අර … මහා දවල් කරපු මහා මංකොල්ලයේ මෑන්ගේ බෑනා … ඒ කිව්වේ .. අර ඇලෝ…. ඔව් ඔව් … එයා තමයි… මිනිහා දන්සල් දෙනවා වගේ කට්ටියට …පහු ගිය කාලේ සල්ලි… බෙදුවනේ… සමහර අය .. දන්නෙත් නැතුව සල්ලි අරං ..තිබුණේ… ඔන්න කොහොම හරි… එක්කෙනා දෙන්නා … එළියට එනකොට … සල්ලි ගත්ත අනිත් කට්ටියගේ ඉහමොලේ රත් වෙන්න පටන් අරං … කස්ටිය … මේ චෝදනාවෙන් ගැල වෙන්න ක්‍රමයක් හොයන්න… එහෙ මෙහෙ දුවන ගමන් … ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ලගටත් ගිහිල්ලා…. චෝදනා වලින් ගැල වෙන්න මගක් කියන්න කියලා උපදෙස් පතලා තියනවලු… ඇලෝට …. පක්ෂපාති වෙන්න කියලා ඒ මුදල් එව්වේ නැහැ කියලයි. . ඉහමොලේ රත් වෙච්ච මේ කට්ටිය කියනවා කියන්නේ…. කොහොම හරි මුදල් ගත්ත බවට වන … ඒ …. ලේඛනය … ප්‍රසිද්ධ වෙන්න දෙන්න එපා කියලා … ජනාධිපතිවරයාට කියන්න කියලා… මේ කස්ටියට … අර …. ජ්‍යෙෂ්ඨ ඇමති  උපදෙස් දීලා කියලයි ආරංචි….  කොහොම හරි කස්ටිය දැන් බය වෙලා ලු ඉන්නේ .. සල්ලි ගත්ත කියලා මාට්ටු වුනොත්… ඒක… දේශපාලන ජිවිතයට බලපායි කියලා….මේ අහපු සමහර අයනම් කිව්වා කියන්නේ කරවල කටු කැවා නම් දුක් විදපන් බලලෝ … කියලා… අහිංසක ජනතාව රවට්ටලා ආපහු ඡන්දය ඉල්ලන්න බැරිවෙයි කියලා බය වෙලා වෙන්න ඇති කියලත් සමහරු කියනවා … ඕන්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *