TNA මැයි දිනය 01 දින සමරයි- 07 සමරන්න බෑ කියයි

දෙමළ ජාතික සන්ධානයේ මැයි දිනය උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රකොට ගනිමින් මැයි පළමු  වැනිදා සැමරීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ලෝකයම එක් දිනක පවත්වන මැයි දිනය මැයි හත්වනදා සැමරිය නොහැකි බවත් වෙසක් දිනයට හෝ වෙසක් උත්සවයන්ට බලපෑමක් නොවන ආකාරයෙන් 01 වැනිදා මැයි දිනය සැමරීමටත් දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය මඩකලපුව දිස්ත්‍රීක්කයේ වෙල්ලාවේලි මහජන ක්‍රිඩාංගණයේ එක් ප්‍රධාන රැළියකුත් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උතුරු පළාත් ප්‍රධාන රැළියත් පැවැත්වීමට සැලසුම් කර ඇත. මීට අමතරව   එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය මුලංකාවිල් ක්‍රීඩාංගණයේදී ද මැයි රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *