ලෙස්ටර් ජේමිස් පීරිස් දිවියෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ ලකුණ බිහිකළ අසහාය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද 29 සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වූ විය.
මීට සති කිහිපයකට පෙර අප්‍රේල් 5 වනදා ඔහුගේ 99 වන ජන්ම දින සැමරීම සිදු කළ අතර එම අවස්ථාවේ ජනපති අගමැති ප්‍රමුඛ අය ඔහු හමුවී විශේෂ සැමරීම්ද සිදු කර තිබුණි.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකීය සිනමාකරුවා ලෙස ඔහු හඳුන්වනු ලැබේ.
හෙතෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. ඔහුගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.1919 අප්‍රේල් 5 දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා ස්කොට්ලන්තයේ දී ඉගෙන ගත් වෛද්‍යවරයෙකි. ඔහුට, එරිකා, අයිවන් සහ නොයෙල් ලෙස සහෝදරයන් කීපදෙනෙකි.
පීරිස් පවුල ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුණු රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර්  ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. ලෙස්ටර් කිසිදු දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වී නොමැත. ඔහුට ප‍්‍රසිද්ධ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වීමට ද කිසිදු අදහසක් තිබී නොමැත. එමෙන්ම එකල ලංකාවේ ජාතික චිත‍්‍රපට කර්මාන්තයක් ද තිබී නැත.
කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත් ඔහු පසුව වයස අවු 17 දී ඔහුගේ ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගත්තේය. ඔහු වෘත්තිය වශයෙන් ඩේලි නිව්ස් පුවත් පතේ හා ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පතෙහි සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.
1947 දී එංගලන්තයට ගොස් එහි කලා ශිෂ්‍යත්වයක් හැදෑරූ ඔහු 1952 දී නැවතත් ලංකාවට පැමිණ ඊට වසර 3කට පසුව රජයේ චිත‍්‍රපට අංශයේ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව වෘතාන්ත චිත‍්‍රපටයක් කිරීමට අදහස් කළේය. ඒ අනුව ගැමි තේමාවක් වස්තු විෂය කොට ගත් සිංහල සිනමාවේ සංසිද්ධියක් ඇති කළ ‘රේඛාව’ චිත‍්‍රපටය 1956  බිහි විය.
ඒ දක්වා ඉන්දියන් කොපි හා ඉන්දියන් චිත්‍රාගාර ආශ්‍රිත චිත්‍රපට පැවති හෙළ සිනමාව ඒ අනුව වෙනසකට ලක්විය.
ඔහුගේ මේ විප්ලවීය වෙනස නිසා ශ්‍රී ලාංකීය සිනමාවට ඒකීය අනන්‍යතාවයක් ගොඩ නැඟුනි. ඉන්පසු ඔහු සම්භාවනීය චිත්‍රපටි රැසක් බිහි කළ අතර ගම්පෙරළිය ,දෙළොවක් අතර ,ගොලු හදවත ,නිධානය ,යුගාන්තය ඒ අතර කැපී පෙනේ.
දේශීය හා විදේශීය වශයෙන් ඔහු සම්මාන රැසකට හිමිකම් කියූ අතර ලංකාවේ නම අවස්ථා ගණනාවකම බැබලවූයේය.

අධ්‍යක්ෂණයන්

වසර චිත්‍රපට කරුණු
1956 රේඛාව
1960 සංදේශය
1964 ගම්පෙරළිය
1966 දෙලොවක් අතර
1967 රන්සළු
1968 ගොළු හදවත
1969 අක්කර පහ
1970 නිධානය
1972 දෑස නිසා
1975 ද ගොඩ් කිං ඉංග්‍රීසි චිත්‍රපටය
1976 මඩොල් දූව
1978 අහසින් පොළවට
1979 පිං හාමි විස්තරාත්මක චිත්‍රපටය
1979 වීර පුරන් අප්පු
1980 බැද්දේගම
1982 කලියුගය
1983 යුගාන්තය
1995 අවරගිර
2003 වෑකන්ද වලව්ව
2006 අම්මාවරුනේ

නිෂ්පාදනයන්

වසර චිත්‍රපට කරුණු
1956 රේඛාව
1978 ගැහැනු ළමයි
1984 මායා

තිර රචනයන්

වසර චිත්‍රපට
1956 රේඛාව
1988 සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

සංස්කරණයන්

වසර චිත්‍රපට කරුණු
1972 නිධානය

සම්මාන

  • 1981 – බැද්දේගම – ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • 1981 – බැද්දේගම – ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
  • 1982 – කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • යුගාන්තය – ජනාධිපති සම්මානය – හොදම අධ්‍යක්‍ෂණය
  • 1985 – යුගාන්තය – මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
  • පිං හාමි – මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
  • 1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
  • 2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
  • 2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව ස`දහා දැක් වූ දායකත්වය වෙනුවෙන්
  • 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය

2002 අපේ‍්‍රල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කරන ලදී. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය පදවියක් ද ඔහුට පිරිනමනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *