විශේෂ මහාධිකරණය ගෝඨාට ඇප නියම කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(10) පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම්දී තිබු අතර ඒ අනුව ඉදිරිපත් වූ විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙක බැගින් මත මුදාහැරිමට විනිසුරු මඩුල්ල නියෝග කර ඇත. විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නියෝජනය කරමින් මුලින්ම කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටි අතර එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමි රජය වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටින්නේ නම් විත්තිකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටීයේය.

එම අවස්ථාවේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා කියා සිටියේ මෙය අපරාධ නඩු කටයුත්තක් බැවින් එවැනි නියෝග කිරීමට හැකියාවක් නොමැති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *