දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද
අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද ( 08) රජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරේ.
හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ප.ව.1.30ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත්වීමට කටයුතු යොදා ඇති අතර ආදාහන පූජෝත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසළ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. ආදාහන පූජෝත්සවයේ කටයුතු ප.ව 2.30 ට ආරම්භ වේ.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ. සිය පැවැදි දිවිය සමාජ සත්කාරයටම කැප කළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ දෙස් විදෙස් සංචාරයේ යෙදෙමින් ධර්ම ප්රචාරයේ යෙදුණ සංඝ පීතෘවරයෙකි.
ඉංග්‍රීසි භාෂවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් උන් වහන්සේ මූලික වී කටයුතු කළේ ය.එමෙන් ම උන්වහන්සේ බෞද්ධයා ගුවන්විදුලි නාළිකාවේ හා රූපවාහිනී නාළිකාවේ නිර්මාතෘවරයා වෙමින් ධර්ම ප්‍රචාරය සඳහා සිය මෙහෙවර තවත් පුළුල් කිරීමට කටයුතු කළහ.