දකුණේ පැතිර ගිය වෛරසය රට පුරා පැතිර යැයි

දකුණු පළාතේ පැතිරගිය ඉන්ෆ්ලුවෙන්සා “A” රෝගය මේ වන විට දිවයින පුරා පැතිරගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය  පබා පලිහවඩන මහත්මිය පවසයි.

මේ වන විට විශේෂයෙන් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල රෝහල්වලින් ද දිවයින පුරා පිහිටි අනෙකුත් රෝහල්වලින්ද ආසාදිත රෝගීන් වාර්තා වී ඇති බව පබා පලිහවඩන මහත්මිය වැඩි දුරටත් පවසයි.

ප්‍රධාන වශයෙන් රෝගය ආසාදනය වී ඇත්නම් උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස , උගුරේ වේදනාව ආදී රෝග ලක්ෂණ දැකිය හැකි බවත් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් වහාම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් පබා පලිහවඩන මහත්මිය ජනතාවට දන්වා සිටී.

හුස්ම ගැනීමේ අපහසුව සමඟ දින කිහිපයක් තිස්සේ උණ බැස නොයාම තිබේනම් වහාම රජයේ රෝහලකට ඇතුලත් වන ලෙස ඇය අවධාරණය කර සිටියි.

රෝගය වැලදී ඇත්නම් නිරෝගී පුද්ගලයන්ගෙන් වෙන්ව විවේකීව තැබීමටත් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකිරීමටත් පියවර ගත යුතු අතර විශේෂයෙන් කුඩා දරුවන් පිළිබඳ වැඩි අවධානයකින් පසුවීම පහසුවෙන් රෝගය හඳුනා ගැනීමටත් ඉක්මන් ප්‍රතිකාර කරා යොමුවීමටත් ඉවහල් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *