ඉන්ධන මිල සූත්‍රය හෙට (24) අමාත්‍ය මණ්ඩල රැස්වීමට – ඉන්ධන මිල ඉහළ යන ලකුණු.

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා. මේ හේතුවෙන්  අමාත්‍යාංශය දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් ලැබූ  අතර  ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට මුදල් අමාත්‍යාංශයටද  දැනුම් දී තිබුණා.
කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගත් අතර එය මේ වන විට සකස් කර අවසන් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිත අතර
ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බව සඳහන්. ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *