බෞද්ධ පුරාවිද්‍යා භූමියක් තුළ කෝවිලක් ඉදිකිරීමට නොදීම ගැන TNA විරෝධය

ඉපැරණි බෞද්ධ වෙහෙර සංකීර්ණයක් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්  එම ස්ථානයට ගොස් තිබෙනවා.

පුරාවිද්‍යා නිළධාරීන්ගේ මතය අනුව පැරණි ශිලා ලිපි,පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින නෙඩුන්කේනි වෙඩුක්කුනාරි ගල් තලාව තුළ පවති.

අදාළ ගල් තලාව පැවති ස්ථානය තුළ අතීතයේ පටන් ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් පැවති බව සදහන් කරමින් නෙඩුන්කේනි ප්‍රදේශවාසීන් අදාළ ස්ථානයේ ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා සිටිති.

පුරාවිද්‍යා නිළධාරීන් සඳහන් කරනු ලබන්නේ පුරාවිද්‍යා භූමියක් තුළ නව කෝවිලක් සකස් කිරීමට අවස්ථාවක් ලබාදීම සිදුකළ නොහැකි බවයි.

අදාළ කාරණය හේතුවෙන් වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන ඇති අතර, එම භූමිය තුළ කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නෙඩුන්කේනි ප්‍රදේශයේ විරෝධතාවයක් පැවත්වූහ.

ගැටලු සහගත ස්ථානය නිරීක්ෂණය වෙනුවෙන් වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා,ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය  ආනන්දි සෂිදරන් මහත්මිය, උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී ජි.ටි.ලිංගනාදන් මහතා ඇතුළු පිරිසක් ඊයේ එක්විණ.

පුරාවිද්‍යා  ස්ථානය නිරීක්ෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ පාරම්පරික භූමිය තුළ දෙමළ ජනතාවට කෝවිලක් ඉදිකිරීමට අවසරය ලබා නොදීම තමන් තරයේ හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි

(ada derana)

පුරාවිද්‍යා භූමියක් TNA මන්ත්‍රීවරුන්ගේ නිරික්ෂණයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *