ශ්රී.ල.නි.ප. මැයි රැලිය අද මඩකලපුව චෙන්කලඩි හිදී පැවැත්වේ.
පෙළපාලියක් නැහැ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය මෙවර ඔවුන්ගේ මැයි රැලිය පැවැත්වීම සඳහා මඩකලපුව චෙන්කලඩි ප්රදේශය තෝරාගෙන තිබෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුක එක්සත් ජනතා නිදහස් සන්දානයේ සාමාජිකයන් ජනාධිපති වරයාගේ ප්රධානත්වයෙන් අද (5/7) දිනයේ එයට සහභාගී වනු ඇති.මෙවර ඔවුන් පෙළපාලියක් නොපවත්වා රැළියක් පමණක් පැවැත්වීමට තීරණය කොට තිබෙනවා.
ජාතික සන්හින්දියාවේ මැයි රැලිය ලෙස නම්කොට ඇති මෙය අද පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිතයි.ජාතීන් අතර සාමය හා සන්හින්දියව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව මේ ප්රදේශය මැයි රැලිය සඳහා යොදාගත් බවයි පක්ෂයේ ප්රකාශකයෙකු lankaabcnews වෙත ප්රකාශ කලේ.