ශ්‍රී.ල.නි.ප. මෙවර මැයි සැමරුම මඩකලපුවේ දී.

ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාත් සහභාගී වෙනවා.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම ලබන මස 7 වෙනිදා මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවැත්වීමට පෙරේදා (4/25) පැවැත්වූ එම පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කොට තිබෙනවා.ඒ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන්.
පසුගියදා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව චන්දය ලභාදී ආණ්ඩුවෙන් ඉවත්වන ලද මැති ඇමති වරුන් මෙවර මැයි රැලියට සහභාගී වන්නේ යම් යම් කොන්දේසි සපුරන්නේ නම් පමණක් බව ප්‍රකාශ කොට තිබුනා.නමුත් 8 වෙනිදායින් පසු පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට එකඟ වී ඇති බැවින් සියලු දෙනාම රැලියට සහභාගී වන බවයි හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ද නිදහස් සේවක සංගමය මෙම රැළියට සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.මැයි පළමුවෙනිදා මැයි දිනය කොළඹ මහජන පුස්තකාලයේදී සැමරීමට ඔවුන් තීරණය කොට තිබෙනවා.තම සාමාජිකයන්ට අවශ්‍ය නම් මඩකලපුව රැළියට සහභාගී වීමට අවසර ඇතත් සංගමයක් ලෙස තමන් එයට සහභාගී නොවන බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු lanka abc news වෙත ප්‍රකාශ කලේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි පෙළපාලියට මහත් අභිමානයක් එක්කල නිදහස් සේවක සංගමය නොමැති මැයි රැලිය කෙසේ වේදැයි දැක බලා ගැනීම සඳහා ලබන 7 වෙනිදා වනතෙක් බලා සිටීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *