හම්බන්තොට නව නගරාධිපති පත් කිරීම ශ්‍රී ලංකා-පොදු පෙරමුණ එකමුතුවෙන්

ජවිපය චන්දය ප්‍රකාශ නොකරයි.

එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති වරයා වශයෙන් තේරී පත්වී තිබෙනවා.මීට පෙරද එම තනතුර හොබවා ඇති ඒ මහතා වඩාත්ම කථා බහට ලක්වුයේ මීට පෙර එම දුරය දරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හම්බන්තොට වරාය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ඇතිවූ සිද්දීයකදී ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියා යයි වාර්තා පළවූ බැවින්.

කෙසේ වෙතත් නගරාධිපති දුරය සඳහා පවතී චන්දයේදී   එක්සත් ජනතා නිදහස් සංවිධානය හා ශ්‍රී ලංකා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඒ මහතාට පක්ෂව චන්දය ප්‍රකාශ කොට තිබෙනවා.ඒ අනුව ඔහු ලබාගත් චන්ද සංකායව 11 ක් .පවතී පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජය ගත්තද එම පක්ෂය නියෝජනය කල නගරාධිපති අපේක්ෂකයා අද දිනයේ ලබා ගත්තේ චන්ද 09 ක් පමණයි.ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *