කිරිපිටි සමග ගෑස් මිළත් ඉහළට ද
රජය ගෑස් මිළ ඉහළ දැමීමේ තීරණයක් ගෙන නොමැති බව
කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 80කින් වැඩි කිරීම සඳහා ජිවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.ඒ අනුව ළදරු කිරිපිටි හැර අනෙකුත් සියලුම කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 80කින් වැඩි කිරීමට තීරණය කර ඇත.ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට හැකි වනු ඇති බව පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට සමාගම් මෙලෙස කිරිපිටි වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ
ගෑස් මිල ඉහළ දැමීම සඳහා එම සමාගම් මේ වනවිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් ජීවන වියදම් කමිටුව මෙතක් ඉට අනුමැතිය ලබා දී නොමැති බවද වාර්තා වේ. ඒ නිසා රජය ගෑස් මිළ ඉහළ දැමීමේ තීරණයක් ගෙන නොමැති බව සදහන් කරයි