නෙලුම් කොළ කඩන්නට ගොස් හයක් බිළිවෙති
මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු
නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම් කොළ කැඩීම සඳහා ගොස් ඇති අතර එහිදී ඔවුන් රැගත් බෝට්ටුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය පිරිස එම ප්‍රදේශයම පදිංචි කරුවන් බවට තොරතුරු වාර්තා වෙයි .මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය